Home සයුරෙන් එහා පුවත් කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ නවතම තත්ත්වය

කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ නවතම තත්ත්වය

0
75

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත.

යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබේ.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.

යානය නේවාසික ප්‍රදේශයකට කඩාවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනිනිවන රථ පහකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අනතුර සිදු වූ ස්ථානය වෙත යොමුකර ඇත.

 

 

Previous articleරෝගින් දහස් ගණනකගේ දෑස් පෑදු මිහිපිට දෙවියෙක් අප අතරින් සමුගෙන ගිහින්.. මේ ඒ ගැන ඇසෙන අනුවේදනීය පුවත
Next articleඅහමදාබාද් ගුවන් අනතුර: එයාර් ඉන්දියා ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 50 ක් – හිටපු මහ ඇමතිනියක් යානයේ.?
error: Content is protected !!
Verified by MonsterInsights