Home Uncategorized ආදරය ප්‍රකාශ කිරීමේ ප්‍රබලම මාධ්‍යක් වන සිපගැනීම ගැන ඔබ නොදන්නා සෞඛ්‍යමය වාසි...

ආදරය ප්‍රකාශ කිරීමේ ප්‍රබලම මාධ්‍යක් වන සිපගැනීම ගැන ඔබ නොදන්නා සෞඛ්‍යමය වාසි දැනගන්න..

0
58

ලෝකය පුරා විවිධ රටවල් බොහෝමයක මිනිස්සු, ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට සිප ගැනීම සිදු කර තියෙන බව අපි දන්නවා.

මවක් තමන්ගේ කුඩා දරුවාගේ මුහුණ සිප ගන්නේත්, තරුණයෙක් සිය පෙම්වතියගේ දෙතොල් සිප ගන්නේත් මේ ආදරය විදහා දක්වන්නයි. ආදරය පෙන්වන්න කරන මේ සිප ගැනීමෙන් අත්වන සෞඛ්‍ය වාසි ගැන ඔබ දැන සිටියාද? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.

1. එක් සිප ගැනීමකදී මුහුණේ මාංශ පේෂීන් 30 කට වඩා ක්‍රියාකාරී වෙනවා

මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිපගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.

2. විනාඩි දෙකක සිපගැනීමක් කැලරි 6 ක් දහනය කරනවා

කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිපගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත් වීම පාලනය කරනවා.

3. නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා

සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා.

4. ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා

සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිපගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.

5. උදෑසන සිදුකරන විනාඩි 2 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා

උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතු වලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න.

අන්තර්ජාල‍ය ඇසුරෙන්..

Previous articleඅපිට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාලා කරදර වෙන්න එපා .. චිරන්ත මට හමුවුන හරිම කෙනා – සමිතා
Next article“නිවාඩු දවසේ… මාත් වැටුණා සෙල්ලම් බඩු ගොඩටම” චතුරිකා මුහුණු පොතේ තැබූ සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights