මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
QR කේතය හඳුන්වාදීමෙන් පසුවත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් පාලනය කිරීම සඳහා අද (19) සිට ඔත්තේ, ඉරට්ටේ ක්‍රමය හඳුන්වාදීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ක්‍රමය යටතේ ඉන්ධන සැපයීම සිදු කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුවයි.
එම අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් මාසයේ ඔත්තේ දිනයන්වලත්, අවසන් අංකය 0 හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් මාසයේ ඉරට්ටේ දිනවලදීත් ඉන්ධන ලබා ගත හැකියි.
මේ අතර ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබූ පසුබිමක ඊයේ (18) රාත්‍රියේත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් පැවතුණා.
එසේම, ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව “Override” විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
මෙහිදී පරිශීලකයින්ට ඔවුන්ගේ පෙර ලියාපදිංචිය ඉවත් කර, නිවැරදි වාහන අංකය සහ චැසි අංකය (chassis details) ලබා දීම මගින් නව ජංගම දුරකථන අංකයක් යටතේ නැවත ලියාපදිංචි වී QR කේතයක් ලබා ගත හැකි බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
පෙර ලියාපදිංචිය වෙනත් දුරකථන අංකයක් යටතේ සිදු කර තිබුණද, මෙම නව ක්‍රමය හරහා එය යාවත්කාලීන කළ හැකි බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.











