Home Uncategorized “අයිතියට වඩා නිදහසෙන් ආදරේ කරන්න…” – ඔහුගේ විශේෂ දවසේ ඇය තැබූ ආදරණීය...

“අයිතියට වඩා නිදහසෙන් ආදරේ කරන්න…” – ඔහුගේ විශේෂ දවසේ ඇය තැබූ ආදරණීය සටහන සමාජ මාධ්‍ය කැළඹෙයි..

0
425

කලා ලෝකයේ ඉතා නිහඬව ජීවත් වනත්, එසේම එකිනෙකාට දැඩි ආදරයෙන් බැඳුණු යුවළක් ලෙස බොහෝ දෙනා අතර කතාබහට ලක්වන දෙදෙනෙක් තමයි තරින්දි ප්‍රනාන්දු සහ චතුර රාජපක්ෂ. නිළියක් ලෙස තරින්දි කලා ලෝකයේ විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටියත්, ඇගේ ජීවිතයේ සෑම පියවරකම ඇයට ශක්තියක් වෙමින් ඇය පිටුපස නිහඬව සිටින චතුර ගැනද බොහෝ දෙනා ආදරයෙන් කතා කරනවා. අද (09) දිනය චතුරගේ උපන්දිනය වන අතර, ඒ වෙනුවෙන් තරින්දි මුහුණු පොතට එක් කළ ආදරණීය සටහන සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.

තමන්ගේ අනාගත ජීවිත සහකරු වෙන්න සිටින චතුර වෙනුවෙන් ඇය තැබූ එම සටහන කියවූ බොහෝ දෙනාටම ආදරය ගැන නැවත හිතන්න වුණු බවයි කියන්නේ. තරින්දි එහි සඳහන් කර තිබුණේ, “වෙන මුකුත් ඕන්නැහැ… මාව තේරුම් අරගෙන, මම වගේ ජීවත් වෙන්න නිදහස දීලා, මාව දරාගෙන, මම දිනද්දී පිටිපස්සෙන් ඉඳන් අත්පුඩි ගහලා සතුටු වෙන, මගේ වටිනාකම හැමදාම කියලා දෙන ඔයා…” යනුවෙන්. ඇගේ ජීවිතයේ මිතුරා, සහෝදරයෙකු, උපදේශකයෙකු සහ ශක්තියක් ලෙස චතුර ගැන ඇය ඉතා ආදරයෙන් සඳහන් කර තිබුණා.

එමෙන්ම ඇය ලියා තිබූ තවත් වචන කිහිපයක් බොහෝ දෙනාගේ හදවතට දැඩිව වැදුණා. “ආදරය කියන්නේ අයිතියත් එක්ක යන්න ඕන ගමනකට වඩා, නිදහසත් එක්ක යන්න ඕන ගමනක් කියලා දවසින් දවස ලස්සනට කියලා දෙනවා” යනුවෙන් ඇය සඳහන් කර තිබුණා. අවසානයේ “මගේ යාළුව, මගේ බොක්ක, මගේ අයියා, මගේ උපදේශකයා එයා තමයි මගේ චත්තා… ඔයාට නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා” යනුවෙන් ඇය ආදරණීය ලෙස සුබ පැතුම් එක් කර තිබුණා. මේ සටහන සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබුණු බොහෝ දෙනා “ඇත්තටම ආදරය කියන්නේ මේ වගේ බැඳීමක් තමයි” කියමින් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

Previous article90 දශකය තුළ සුරූපී චිත්‍රපට නිළියක් වූ ඇය දිවි ගමනින් සමු ගනී…
Next articleලොවක් හඬවමින් නිහඬවුණු නැදුන්ගමුවේ රාජා යළි දැකගැනීමට මෙන්න ඔබට අවස්ථාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights