සිදුවන දේවල් අතිශය කණගාටුවෙන් යුතුව බලාසිටිමි
ප්‍රශ්නය සිදුවන සියල්ලෝ අතිශය ආදරය කරන , ගරු කරන කලාකරුවන්
Flashback , roshan fernando ජීවිතයේ කාළ වකවාණු දෙකක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය දෙකක් ඇති කළ බව මට අදටත් මතකයි.
ඉන් එකක් මට අවුරුදු 10 දී ගමේ සංගීතයේ ආධුණික පුන්චි ගායකයෙක් විදියට Flashback වේදිකාවේ ගීතයක් ගයන්න මට අවස්ථාව ලබා දී , මා ගැයූ ගීතය ගැන පැහැදී මට වේදිකාව උඩම මුදල් ත්‍යාගයක්ද ලබා දී , ගායකයෙක් වීමේ උණක් ඇති කිරීමට මූලිකම සාධකයක් උන මනුස්සයෙක් ඔහු
ඒ මට අවුරුදු 10 දි පුන්චි පොඩි එකා කාලේ
Hirustar තරඟාවලියෙන් ඔයාලගේ සෑහෙන ආදරයක් ලබලා
ගායකයෙක් විදියට නමක් හදාගෙන එන ගමනෙදි මුල් අවධියේ මා Flashback ප්‍රසංග සඳහා සංවිධායකවරු නිර්දේශ කළත් මේ විදියටම මුලින් මටත් අවස්ථාව ලැබුනේ නෑ.
මටත් ඒ කාලේ හිතට මාරම දුකක් දැනුනේ .
දවසක එක ප්‍රසංගයක නැවත මා සජීවීව ගී ගැයූ පසු ඔහු මට පැවසූ දෙයක් තිබුනා
” ඔයා ලයිව් හොඳටම සින්ග් කරනවා. ෆ්ලෑශ්බෑක් වේදිකාවට අලුතෙන් කෙනෙක් හඳුන්වලා දෙද්දි අපි බලන නිර්ණායක ටිකක් තියනවා.දැන් ඔයාගේ ඒ ටික හරි.මහන්සිවෙලා හදාගත්ත ඔයාගෙම ජනප්‍රිය නිර්මාණ ටිකක් තියනවා. ඒ වගේම අප්ඩේට් . මහන්සිවෙලා වැඩ කරන බව පේනවා. දැන් පුලුවන් Flashback එක්ක සින්ග් කරන්න. ”
ඒ වචන ටිකම මට මාරම සතුටක් උනා
එතනින් එහා තමයි මම කිව්ව දෙවනි හැරවුම් ලක්ෂය
Hiru Mega Blast ප්‍රසංග දෙකක් , Idea Fun Night season 2,3 , Fire Blast ප්‍රසංග කීපයක් , Fusion Colour Night ආදී අතිශයම දැවැන්ත Flashback ප්‍රසංග වල ගී ගැයුමත් එක්කම සෑහෙන පෙරළියක් Artist කෙනෙක් විදියට මගේ සංගීත ජීවිතය තුළ සිදු උනා. ඒක නිර්ලෝභීව කියන්න ඕන.
මෑතකදී සැක්සෆෝන් වාදනය කරන ආදරනීය කලාකරුවෙක්ගේ සැත්කමක් උදෙසා මම වීඩියෝවක් පළ කළා. ඔහු වෙනුන් ඉතා විශාල මුදලක් රොශාන් ෆනෑන්ඩු ඒ කලාකරුවගේ බිරිඳගේ ගිණුමට බැර කලා. ඒ මා ඇස් ඉදිරියේ දුටු ඔහුගේ මනුස්සකම. මේ ටිකේ දිගින් දිගටම නෙගටිව් කමෙන්ට්ස් වැඩිපුරම වැටෙන්නේ මේ මනුස්සයටම නිසා මට මේ ටික කියන්නම හිතුනා.
ඒ වගෙම ජින්ජර් අක්කා , රූනි අයියා , අජිත් අයියා මේ කාරණා වලදි දක්වපු අදහස් මම දැක්කා
මේ හැමෝම මට වේදිකාවල් වලදි හමුවෙන මම ගොඩක් ආදරය කරන සහ ගරු කරන කලාකරුවෝ
අජිත් අයියගේ ගීතයක් මේ මෑතකදි මම ගයන්න අවසර ඉල්ලපු ගමන් මට කිව්වේ ” කියපන් මල්ලි ඕන තැනක බං ” . ඒ මිනිස්සු එහෙම නිහතමානී.
ජින්ජර් අක්කා මට විදෙස් සංචාර කීපයකම මුණ ගැහිලා තියනවා මාරම ආදරණීය සහ කියන්න තියන දේ මූණටම කියන කෙනෙක්. ඒකත් මම දන්නවා.
මම ඔයාලට ගොඩක් ආදරය කරන කෙනෙක් මොකද ඔයාලා හැමෝම මම දැක්කේ පොඩි කාලේ ගෙදර ඩීවීඩී එකතු කර කර පිස්සුවෙන් වගේ බලපු කාලේ.
මෙතනට එන්න කලින් මම ඔයාලා හැමෝගෙම මාරම රසිකයෙක්
ආදරෙන් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරන්න කියලා
මේක දිගින් දිගටම මෙහෙම වෙද්දි අපිට හරිම දුකයි
ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට post , video , live ශෙයා වෙද්දි තව දරුණුවට මේ ප්‍රශ්නය පැතිරිලා දෙපැත්තටම වෙන්නේ ලොකු හානියක්
පෞද්ගලිකව අපි මේ ගැන කථාබහ කරලා විසඳගන්නවා නම් ආසයි
දෙපැත්තටම කියන්න සාධාරණ කථා ඇති
ඒ හැමදේම සාධාරණව පෞද්ගලිකව කථා කරලා විසඳගන්නවා නම් අපි හැමෝම කැමතියි
අපි ඔයාලා හැමෝටම ආදරෙයි
ඔයාලා හැමෝම එක්ක එකම වේදිකාවල සින්දු කියන්න ඕන
මම ආස එච්චරයි
