ගුදමාර්ගයෙ හැදෙන ගොඩක් ලෙඩවලට ඕනම වෙන ඔසුවක් කරල්හැබ
කරල්හැබ , කරල් හැබෝ කියන නම් වලිනුත් හදුන්වනවා..
සංස්කෘත භාෂාවෙන් අපාමාර්ග කියන නමින් මේ ශාකය හදුන්වනවා..ගොඩක් වෙලාවට ඉබේම හැදෙන ශාකයක් මේක.
පාරවල් අයින්වල කුඹුරු වල මේව බහුලව තියනවා..
මේ තියෙන්නෙ කොල පාට එක . එහෙම නැත්තම් සාමාන්‍ය කරල් හැබ එක.
☝මේකෙම රත් කරල්හැබ එකත් බිම් කරල් හැබ කියන මෙ තරම් ඝනට හැදෙන් නැති ශාකයකුත් තියනවා
🔰කරල් හැබ කියන්නෙ අපේ ආහාර මාර්ගයේ ලෙඩවලට ගුණදායක ශාකයක්..
අපි අර්ශස් වගෙ රෝග තත්ව වලදි කරල් හැබ ශාකය මුලුමුනින්ම පාවිච්චි කරනවා..
☘️කැඳ විදිහට
☘️තැම්බුම් විදියට
☘️කෂාය විදියට..
ඒ වගෙම මේ ශාකයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙදි අපාමාර්ග ක්ෂාර කියන ඖෂධය නිපදවනවා..
රෝග තත්ව වලදි ( විශේෂයෙන් අර්ශස් භගන්දරා වගේ) මේ ක්ෂාර පාවිච්චි කරනවා..
රත් කරල් හැබ ලේ යන අර්ශස් තත්වයෙදි විශේෂයෙන් පාවිච්චි කරනවා..
🔰ඒ වගෙම මුත්‍රා රෝග වලදිත්,ආමාශ රෝග වලදිත් වෛද්‍ය උපදෙස් මත මේ ශාක වර්ග භාවිතා කරන්න පුළුවන් … ඒ විතරක් නෙවෙයි මේ හැම ලෙඩටම මේ වගෙ ශාක වර්ග භාවිතා වෙන් හදපු ඖෂධ ගනනාවක් ප්‍රතිකාර කරනකොට අපි පාවිච්චි කරනවා.
🔰මේ හැම එකක්ම කොයි වෙලෙ ඕන වෙයිද දන්නෙ නැති නිසා ආරක්ෂා කරගන්න එක තමා ගොඩක් වැදගත් වෙන්නෙ..
මෙ කීව ලෙඩ වලට මේක පාවිච්චි කරනවා කියලා හිතුමතේට මේ කිසිම දෙයක් බොන්න යන්න එපා..
ඒකට වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් අවශ්‍ය යි.
මොකද සමහරවිට ගුද මාර්ගයෙන් ලේ යන්නෙ අර්ශස් හින්දා කියලා ඔයා හිතන් හිටියට , ඒකවෙනම ලෙඩක් නිසා වෙන්නත් පුළුවන් . එතකොට ලෙඩේ හොයාගන්න වෛද්‍යවරයා තමා ඒකට මේක ගැලපෙනවද නැද්ද මොකක්ද කරන්න ඕන කියලා තීරනය කරන්නෙ.
මේකත් අන්තිමට කියන්න ඕන.
🚫ගොඩක් අය මේ වගෙ ගුදමාර්ගය ආශ්‍රිතව හැදෙන ලෙඩ ගැන වෛද්‍යවරයෙක් ට කියන්න පෙන්නන්න ලැජ්ජයි. තවමත් එහෙම අය ගොඩක් අපිට හමුවෙනවා. ඒ නිසා ලෙඩේ උපරිම ඔඩු දුවලා අන්ත අසරණ උනාම තමා අපිට කියන්නෙ. එතකන් අත්බේත් කර කර ඉන්නවා. එහෙම වෙන්න එපා.වෛද්‍යවරුන් කියන්නෙ ඔයාලගෙ ලෙඩ ගැන අහන්න බලන්න ඉන්න කොටසක්..එයාල ට ලෙඩ කියන්න ලැජ්ජාවෙන්න ඕන නෑ. 🚫
අන්තිමට ගත්තොත් අපි හැම කෙනෙක්ම මිනිස්සු අපි හැමෝම ලෙඩ වෙලා තියනවා සහ ලෙඩ වෙනවා🙂
ඒ නිසා දෙයක් දැනගන්න පලමුවෙනි වෙලේම වෛද්‍යවරයෙක් හරහා උපදෙස් ප්‍රතිකාර ගන්න එකෙන් කල් නොයා හොද කරගන්න පුළුවන් කම තියනවා..🩷
සටහන
ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය )
උපුටා ගැනීමක්









