Home දේශිය පුවත් තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහයට දේශපාලන ලෝකයේ ප්‍රබලයින් රැසක්..

තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහයට දේශපාලන ලෝකයේ ප්‍රබලයින් රැසක්..

0
69

 

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබෙනවා.

මෙම හමුව සිදුවී ඇත්තේ පසුගියදා තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී.

මෙම හමුව සිදුවීමට හේතු වී ඇත්තේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක , හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහ මංගල උත්සවයයි.

මෙම විවාහ උත්සවයේදී මනාලියගේ පාර්ශවයෙන් සජිත් ප්‍රේමදාස අත්සන් කළ අතර මනාලයාගේ පාර්ශවයෙන් අත්සන් කළේ රනිල් වික්‍රමසිංහයි.

තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායකගේ අත ගත්තේ ව්‍යාපාරිකයෙක් වන අනෝජ් කුමාරගේ.

විවාහයෙහි සාක්ෂියට අත්සන් කළ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර කතා බහක් සිදුවී නැතත් ඉතා කෙටියෙන් යම් අදහස් හුවමාරුවීමක් සිදු වුණා.

සජිත් ප්‍රේමදාස පිටත්ව යාමට සූදානම් වන විට රනිල් වික්‍රමසිංහ විමසා ඇත්තේ ඩිනර් එකට එනවාද යනුවෙනි.

සජිත් ප්‍රේමදාස එහිදී බලමු යනුවෙන් පිළිතුරු ලබා දී පිටත්ව ගොස් තිබෙනවා.

විවාහ උත්සවයට කරූ ජයසූරිය, තලතා අතුකෝරාල, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියා.

ඉන් අනතුරුව කොළඹ හෝටලයක පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සමගි ජන බලවේගයේ දේශපාලඥයින් පිරිසක්ද එක්ව තිබෙනවා.

Previous article“කිරට හඬන පුංචි පුතේ මවට තුරුළු වී..” තාත්තේ.. අදට ඔයා අපෙන් වෙන්වෙලා අවුරුදු 3ක්.. ඔයා මම වෙනුවෙන් ගායනා කරපු ගීතය..
Next article“අද ඔයා දිහා බලලා එදා අපි ඒ ගත්ත තීරණය හරි කියලා අපිට දැන් හිතෙනවා.. ඉතිං අපිට ඔයා ගැන ආඩම්බරයි…” දියණියකගේ ජයග්‍රහණය ළඟ පියෙකුගේ ආදරණීය හැඟීම වචනයෙන් කියූ ඔහු..
error: Content is protected !!
Verified by MonsterInsights