Home දේශිය පුවත් “තෙල් ඉවර වෙයි කියලා බය වෙලාද?” පෝලිම්වලට යන්න කලින් මේක කියවන්න..

“තෙල් ඉවර වෙයි කියලා බය වෙලාද?” පෝලිම්වලට යන්න කලින් මේක කියවන්න..

0
2455
ඉරාන යුද තත්ත්වය ආරම්භ වීමත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවත්, එලෙස කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසනවා.
පවතින ඉන්ධන තොග ගණනය කිරීමේදී මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන මෙරට සතුව පවතින බවයි ඔහු සඳහන් කළේ.
සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළ තොරතුරු අනුව දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණයන් මෙසේයි.

පෙට්‍රල්: දින 37කට ප්‍රමාණවත්.

ඔටෝ ඩීසල්: දින 35කට ප්‍රමාණවත්.

ගුවන් යානා ඉන්ධන: දින 47කට ප්‍රමාණවත්.

ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, කොරියාව සහ මැලේසියාව යන රටවලින් බැවින් මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මෙරට ඉන්ධන සැපයුමට එල්ල කරන බලපෑම අවම බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

Previous articleරංගනයේ තවත් මහා පහන් ටැඹක් නිවී යයි..
Next articleගී ලොව අතිශය ජනප්‍රිය ඔහු ජීවන ගමනට සමුදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights