Home දේශිය පුවත් රුපියල් 22ක වෙනස නිසා අද සිට පාසල් ළමයින්ට සිදුවන දේ මෙන්න!

රුපියල් 22ක වෙනස නිසා අද සිට පාසල් ළමයින්ට සිදුවන දේ මෙන්න!

0
429
රටේ පවතින ආර්ථික පීඩනය හමුවේ අසරණ වී සිටින දෙමව්පියන්ට අද දිනයේ තවත් අමිහිරි පුවතක් අසන්නට ලැබෙනවා.

ඒ,  (10) සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණයයි.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළා. පසුගිය දිනවල සිදු වූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ මින් ඉදිරියට පාසල් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ යන බවයි ඔහු සඳහන් කළේ.

සභාපතිවරයා පවසන පරිදි, මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල වෙනස් වුවද රටේ තත්ත්වය සලකා ඔවුන් ගාස්තු සංශෝධනය කළේ නැහැ. නමුත් මෙවර ඉන්ධන මිල රුපියල් 22 කින් එකවර ඉහළ යාම හමුවේ තවදුරටත් පැරණි මිලට සේවය සැපයිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

“අපි අනෙක් සංගම් එක්කත් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ.. අද ඉඳලම මේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙනවා..” – සභාපතිවරයා වැඩිදුරටත් පවසලා තියෙනවා.

දිණමිණ පුවත්පත ඇසුරෙන්
Previous articleරන්මිලට මොකද වුණේ…? පෙරළිකාර රන්මිල ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..
Next articleපැය 16ක් අත්හිටුවයි..හෙට මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔබ විමසිලිමත් වෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights