Home දේශිය පුවත් සදහටම අමතක නොවන මතකයන් ඉතිරි කරමින් ඇගේ ලොකුම ශක්තිය වුණු තාත්තා නික්ම...

සදහටම අමතක නොවන මතකයන් ඉතිරි කරමින් ඇගේ ලොකුම ශක්තිය වුණු තාත්තා නික්ම යයි! ඇය තැබූ සටහන..

0
841
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය, වේදිකාව හැඩ කරන ආදරණීය ගායන ශිල්පිනී කේ. සුජීවාට අද අතිශය අවාසනාවන්ත දිනයක් වුණා.

ඒ, ඇගේ ජීවිතයේ ශක්තිය වූ ආදරණීය පියාණන් මෙලොව හැර ගිය පුවත ඇසීමත් සමඟයි.

තමන්ගේ ගායන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් සෙවනැල්ලක් වුණු පියාණන්ගේ අභාවය ගැන සුජීවා ඇගේ මුහුණුපොත හරහා සටහනක් තබමින් නිල වශයෙන් දැනුම් දී තිබුණා. පියාණන්ගේ සිනහමුසු ඡායාරූපයක් ද පළ කරමින් ඇය පවසා තිබුණේ ඇගේ හදවත පෑරෙන ඒ මහා වියෝව ගැනයි.

“මගේ පණ වන් රත්තරන් තාත්තා මාව දාලා ගියා…” යනුවෙන් ඇය පළ කළ ඒ සංවේදී සටහන දුටු ඇගේ දියණියන් දෙදෙනා මෙන්ම ක්ෂේත්‍රයේ හිතවතුන් සහ දහස් සංඛ්‍යාත රසික පිරිස් මේ වන විට ඇයට සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා. කේ. සුජීවා කියන්නේ නිතරම තම පවුලට මුල් තැන දෙන චරිතයක් නිසා මේ දුක ඇයට දරාගැනීමට අසීරු බව නොරහසක්.

මිය යන විට ඇය 85 වියේ පසු වුනා..
Previous articleකඳුළු මැදින් බේරාගත් ජීවිත තුනක්! එංගලන්ත ජාතිකයින්ගේ පණ රැකගත් අපේ රටේ සැබෑ වීරයෝ….
Next articleරන්මිල අදත් නොසිතන සීමාවක නතර වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights