විවාහ ජීවිතය පටන් ගත්තා විතරයි.. මොකද මේ වුණේ..? සුරූපී හේෂානි හදිස්සියේම ලංකාවට ඇවිත්…

විවාහ ජීවිතය පටන් ගත්තා විතරයි.. මොකද මේ වුණේ..? සුරූපී හේෂානි හදිස්සියේම ලංකාවට ඇවිත්…

 

 

ඇගේ විවාහ උත්සවය, බොහෝ දෙනෙක්ට නම් තවමත් මතකයේ ඇති.. ඒ තරම් විචිත්‍රවත් විවාහ උත්සවයක් ඇය පැවැත්වුවා..

ඒ අවස්ථාවට කලාතරු විශාල පිරිසක් පවා එක්ව සිටියා.. මේ කියන්න යන්නේ හේෂානි ගැන ඇසෙන තවත් එක විශේෂ කතාවක්.. හේෂානි කවුරුත් ආදරය මේ කලා ශිල්පිනිය, දැන් ඔන්න ආයෙත් අපට සමීප වෙනවා.. ඒ අලුත් කලා නිර්මාණයක් හරහා.. ඉතින් ඇය හදිස්සියේම ලංකාවට එන්න හේතුවක් වුණේ මේකද..? මෙන්න ඒ ගැන හේෂානි කියූ ඒ අපූරු කතාව,

හේෂානි මොකද මේ හදිසියේ ලංකාවට ආවේ..?

මෙම රංගනයෙන් දායක වුණු කුලුඳුල් සිනමා නිර්මාණය පසුගියදා තිරගත කිරීම ආරම්භ කළා.. ඉතිං ඒ හින්දා තමයි ලංකාවට ආවේ.. මොකද මගේ විවාහ උත්සවයට චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනූෂ අයියා සහ පිටපත් රචිකාවිය වන ක්‍රිෂාන්ති කුලසූරිය සඳහන් කළා අනිවාර්යයෙන්ම ඉන්න ඕනෑ කියලා.. ඉතිං මම හිතනවා මගේ ප්‍රථම සිනමා නිර්මාණයට මට දුන්න ඉඩ වෙනුවට කෘතගුණ සැලකීමක් විදිහට මට දෙන්න තියෙන හොඳම කලගුණ සැලකීම ඒක කියලා.. ඉතිං ඒක තමයි හදිසියේ ලංකාවට ආවේ..

කොහොමද චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර?

මම හිතන්නේ සෑම රංගන ශිල්පියෙක්ම වගේම ශිල්පිනියක්ම තමාගේ ප්‍රථම සිනමා නිර්මාණයේ දී විඳින අත්දැකීම මම මේ වෙලාවේ විඳිනවා.. ප්‍රේක්ෂකයන්ගෙන් වගේම ප්‍රවිණයන්ගෙන් ලැබෙන අදහස් වගේම උපදෙස් මම හරිම යටහත්ව පිළිගන්න කෙනෙක්.. මගේ රංගන ජීවිතය් මගේ ලයිෆ් එකේ ෆිල්ම් එකක් කියන්නේ විශේෂ දෙයක්..

චිත්‍රපටය බැලුවට පස්සේ මොකද හිතුණේ?

මට හරිම සතුටුයි. බොරු කියන්න ඕනෑ නැහැ. මගේ ඇස්වලින් කඳුළු එන තරම් මම සතුටු වුණා. චිත්‍රපටය තිරගත වෙලා දවස් කිහිපයක් වෙනවා. නමුත් මම ඒ සතුට අදටත් විඳිනවා.

ගොඩක් නිළියන්ගේ හීනය සිනමාවට පැමිණීම. දැන් ඔබේ ඒ සිහිනය සැබෑ වෙලා?

ඒ ගැන හරිම සතුටුයි. හැබැයි මම කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ සිනමාව තමයි එකම තැන, සිනමාවේ විතරයි රඟපාන්න ඕනෑ කියලා. මම ආවෙත් පුංචි තිරයෙන්. පුංචි තිරයක් ඇතුළේ මගේ රූපය කාලයක් තිස්සේ දැක්ක මට රිදී තිරයක් ඇතුළේ මාව දකින කොට මම වගේම, මගේ ස්වාමි, පුරුෂයා මගේ පවුලේ අය ඇතුළු සියලු දෙනාම ඒ සතුට එක හා සමානව විඳිනවා.

ආපසු කවද ද ලංකාවෙන් යන්නේ?

තව සතියකින් ලංකාවෙන් යනවා.

කොච්චර කාලෙකට පස්සෙ ද එන්න හිතාගෙන ඉන්නේ?

දැනට නම් දින නියමයක් නැහැ. නමුත් ඉදිරි මාස තුනක ඇතුළත කාලයේදී මට නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගැන හරියටම දින වකවානු තීරණය වුණාම ඒ වෙනුවෙන් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

විවාහයත් එක්ක රඟපෑමෙන් ටිකක් ඈත්වෙන්න අදහසක් තිබෙනවාද?

එහෙම අදහසක් නැහැ. හැබැයි මම ඉන්නේ මුහුදු හතක් එහා පැත්තෙනේ. ආරාධනා ලැබෙන විදිහට මට කරන්න පුළුවන් මොනවාද කියලා මගේ ස්වාමිපුරුෂයා එක්කත් කතාබහ කරලා අපි දෙන්නාගේම අදහස් ගැළපීමත් එක්ක වැඩ භාර ගැනීමක් සිදු කරනවා. රංගන ක්ෂේත්‍රයෙන් ඈත් වෙන්න අදහසක් නැහැ. මේක මම හරි ආදරය කරන ප්ලැට්ෆෝම් එකක්. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය හදපු තැන. හැබැයි ඈත් වෙන්නේ නැහැ. නිර්මාණවලට ලැබෙන ආරාධනා එක්ක මට පුළුවන් විදිහට මම ඒ දේවල් භාරගෙන හරිම සරල සාමාන්‍ය ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ.

කොහොමද විවාහ ජීවිතය, වගකීම් වැඩි වුණා කියලා හිතෙනවාද?

තවම ජීවිතය පටන් ගත්තා විතරයි. ඉතිං අපි දෙන්නට ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්න. තනියම ගෙදරකට ගියහම මොන විදිහට ද ජීවත්වෙන්නේ කියන කාරණා අපි දෙන්නා ඉගෙන ගෙන සාමාන්‍ය විදිහට දෙමාපියන් සමගත් සම්බන්ධතා තියාගෙන හෙමිහිට ගමනක් යනවා.

විවාහයත් එක්ක ජනප්‍රියත්වය අඩුවෙලාද? වැඩිවෙලාද?

ඒක මම, කොයි කාලෙකද අඩු වුණේ කොයි කාලෙකද වැඩි වුණේ කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි ප්‍රේක්ෂකයන්ගේ ආදරේ තවමත් මම එක වගේ රඳවාගන ඉන්නවා. මොකද අපි ජනයාට ප්‍රියවීම තමයි වෙන්න ඕනෑ. ප්‍රසිද්ධවීම නෙමෙයි කියලා මම හැමවෙලේම විශ්වාස කරනවා. මට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවගේ යහපත් ක්‍රියාවක්ද? මම ඒ දේවල්වලින් ඉදිරියට යනවා. ජනප්‍රියත්වය කියන දේ මට තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජනතාව තමයි ඒක මා සතු කරන්නේ.

Local Gossip