සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ තබා තිබූ වාර්තාවක් වසර 30 කට පසුව එම විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක සෙතික ලිනත් ලියනගේ විසින් බිඳ දමා තිබේ. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැදි විදුහලේ ඉගෙනුම ලබද්දී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කර ඇත.
පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස විශාල වගකීම් රාශියක් දරමින් විෂය බාහිර කටයුතුවල වැඩි වශයෙන් නිරතවෙමින් සිටියද ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් ප්‍රථම වරට 1996 වසරේදී අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබා වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබාගැනීමේ පාසල් වාර්තාවක් තබා තිබිණි.
ඔහු තැබූ එම පාසල් වාර්තාව වසර 30 කට පසුව එම විදුහලේ වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කටයුතු කරන සෙතික ලිනත් ලියනගේ ශිෂ්‍යයා විසින් බිඳ දමා තිබේ.
පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාගයට ජීව විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටි සෙතික භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් හතරටම විශිෂ්ට සාමාර්ථ ලබා වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබා ඇත.
උපුටා ගැනීම අරුණ පත්තරෙන්










