Home සයුරෙන් එහා පුවත් MAYDAY… MAYDAY… MAYDAY… NO POWER… NO THRUST… GOING DOWN…” බිහිසුණු අනතුරක් සිදුවෙන්න...

MAYDAY… MAYDAY… MAYDAY… NO POWER… NO THRUST… GOING DOWN…” බිහිසුණු අනතුරක් සිදුවෙන්න මොහොතකට පෙර එතැන සිදුවුණේ මොකක්ද..?

0
60

 

සිදුවූයේ මොක්කද කියන එක ඔවුටත් හිතාගන්න බැරි වෙන්න ඇති.. ඒ ගැන පර්‍යේෂණ සිදුකරන කණ්ඩායම්වලට පවා ඒ ගැන ඇත්තේ කුකුසක්..

ඒ අඳුරු මතක පිරුණු ගුවන් අනතුරෙන් මාසයකට පස්සේ මේ ඇසෙන කතාව මොකක්ද..? ඒ තත්ත්පර 5ක පණිවුඩයක්..

“MAYDAY… MAYDAY… MAYDAY… NO POWER… NO THRUST… GOING DOWN…”

මෙම බිහිසුනු අනතුරින් ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 242 කු ඇතුළු පුද්ගලයින් 270ක් ජීවිතක්ෂයට පත්වූ අතර ගුවන් යානයේ 11Aආසනයේ සිටි විශ්වෂ්කුමාර් රමේෂ් නැමැත්තා අනතුරෙන් දිවි ගලවා ගත් එකම ගුවන් මගියා බවට පත් වුණා..

අනතුර සිදුවී පැය 28කට පසුව යානය ගැටුණු ගොඩනැගිල්ලේ තිබී එහි දත්ත පටිගත කිරීමේ ඩිජිටල් යන්ත්‍රය හෙවත් යානයේ කළු පෙට්ටිය සොයාගත් අතර සිද්ධිය පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කෙරුණා..

එම මූලික විමර්ශන වාර්තාව නිකුත් වී ඇති අතර ඉන් හෙළිවී ඇත්තේ ගුවන් යානයේ එන්ජින් වෙත ඉන්ධන සැපයුම අවහිර වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි..
මෙම විමර්ශණ කටයුතු සඳහා ගුවන් කාර්මික තාක්ෂණය පිළිබඳ විදෙස් විශ්ෂඥයන්ගේ සහාය ද ලබාගෙන තිබෙනවා..

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවේ සඳහන් වන්නේ යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ අනපේක්ෂිත චලනයක් ඊට හේතු වන්නට ඇති බවයි..
අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් ‘තත්පරයක කාල පරතරයක් තුල එකින් එක ධාවන තත්ත්වයේ සිට CUTOFF තත්ත්වයට මාරු කර තිබෙනවා..

එමෙන්ම ලැබී ඇති දත්ත අනුව එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් ‘RUN සිට CUTOFF’ තත්ත්වයට මාරුකළේ ඇයි දැයි යනුවෙන් අසා තිබෙනවා..
එහෙත් අනෙක් නියමුවා ඊට පිළිතුරු දී ඇත්තේ තමා එසේ නොකළ බවයි..

ඒ අනුව අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට ආපසු හරවන අතරතුරයි මෙම අනතුර සිදුව තිබෙන්නේ..

මෙම පාලන ස්විචය සාමාන්‍යයෙන් ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකරන කාර්යයක් වෙනවා..

කෙසේවෙතත් එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ ‘අතිශය දුර්ලභ’ අවස්ථාවකදී පමණක් බව ගුවන් විශ්ලේෂකයන් පවසනවා..

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාව මගින් වැඩි දුරටත් පවසන්නේ අනතුර සම්බ්න්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරත් සිදු බවයි..

Previous articleමිනිස්සු මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා ඇත්තටම ඒ වගේ නපුරුද කියන එක..” නිත්‍යා දේවින්දි එකම චරිතයකට සීමා වෙලාද..? සුරූපී ඇය ඒ ගැන කියූ කතාව මෙන්න..
Next articleඑයා නම් එන්න එන්නම ලස්සන වෙනවා. බුකිය කළඹපු දිනක්ෂිගේ ලස්සන බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights