Home දේශිය පුවත් “අම්මලා තාත්තලා ගෙදර මඟ බලාගෙන ඇති.. ඒත් තල්දූවෙන් ඇසුණේ දරාගත නොහැකි පුවතක්..”...

“අම්මලා තාත්තලා ගෙදර මඟ බලාගෙන ඇති.. ඒත් තල්දූවෙන් ඇසුණේ දරාගත නොහැකි පුවතක්..” – පවුල් තුනක බලාපොරොත්තු පාරේම අවසන්..

0
1411

 

 

තමන්ගේ දරුවා, සහෝදරයා හවසට වැඩ ඇරිලා ගෙදර එනකම් අම්මලා තාත්තලා දහසක් බලාපොරොත්තු ඇතිව ගෙදර මඟ බලාගෙන ඉන්න ඇති.

ඒත් ඒ හැම හීනයක්ම ඊයේ සවස තල්දූව, අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේදී අකාලයේ නිමාවට පත්වුණේ මුළු ප්‍රදේශයම සෝකයට පත් කරමින්.

රුවන්වැල්ල පොලිස් වසමට අයත් තල්දූව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී මෙම අතිශය බිහිසුණු අනතුර සිදුව තිබුණා.

ගැටුණු වේගය කෙතරම්ද යත්, මෝටර් රථය අසල තිබූ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති අතර, අනතුරට පත් වූ යතුරුපැදිය ද එම ස්ථානයේදීම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු වහාම අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තත්, රෝහලට රැගෙන යන විටත් ඔවුන් සියල්ලෝම මෙලොව හැර ගොස් අවසන්.

මියගිය පිරිස අතර මෝටර් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ යතුරුපැදිකරු සිටින බව රුවන්වැල්ල පොලිසිය තහවුරු කරනවා.

එක මොහොතක නොසැලකිල්ල හෝ අධික වේගය නිසා අද පවුල් තුනක අම්මලා තාත්තලාට තම දරුවන් සදහටම අහිමි වී තිබෙනවා.

පාරේ යන එන විට අප ගන්නා වැරදි තීරණ තවත් කෙනෙකුගේ ජීවිතයක් මෙන්ම පවුලකම සිනහව උදුරා ගන්නා බවට මෙය තවත් එක් කණගාටුදායක නිදසුනක් පමණි.

 

Previous articleෆොටෝ වලටත් වඩා රියල් ලයිෆ් මැච් වෙන දිනිති සහ සංගීත්.. රැෆෙලාගේ කැලැන්ඩර් ලෝන්ච් එකේ අවධානය හොරකම් කළ හැටි.. – Photos
Next articleඔහු නික්ම ගොස් මොන තරම් නම් කාලයක්ද..? ඒත් ඔහු නික්ම යන්නේ නැති මතකයක්.. නයන නිසා තවමත් හඬාවැටෙන සුජීවා එක්කළ ඒ සංවේදී සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights