Home දේශිය පුවත් “මහා පාළුවක් හිතේ තියාගෙන අමාරුවෙන් හිනාවෙන්න උත්සාහ ගන්නවා අම්මා…” ඇගේ වියෝවෙන් දින...

“මහා පාළුවක් හිතේ තියාගෙන අමාරුවෙන් හිනාවෙන්න උත්සාහ ගන්නවා අම්මා…” ඇගේ වියෝවෙන් දින කිහිපයකට පස්සේ සංජීවනී එක්කළ ඒ සංවේදී සටහන මෙන්න..

0
94

සංජීවනී වීරසිංහ, ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්..

සංජීවනීගේ ජීවිතයට ලොකු හිස්තැනක් එක්කරමින් ඇගේ මෑණියන් පසුගිය දවසක ඇගේ ජීවිතයෙන් නික්මුණා..

ඉතින් ඒ ගැන සමාජ මාධ්‍යවල බොහෝ සටහන් පළවන ආකාරය දැකගන්නත් ලැබුණා.. තම ආදරණීය මවගේ වියෝවෙන් පස්සේ සංජීවනී තමන්ගේ මුහුණු පොතට දීර්ඝ සටහනක් එක්කළේ ඇගේ මෑණියන් ගැන මතකය දින ගණනකට පසු නැවතත් අවදි කරමින්..

“චන්ඳ්‍රා වාගේ..
මෙ රෑ නීලඹරේහී…
හිනැහේවී…පොඩි දියණී…
සංජීවනී….”
ළදැරියක කල එදා ඔයාගෙ ඒ නැළවිල්ල අසමින් මං සුවසේ සැතපුනා..
ඒ ආදරය පිරුණු ස්වරය අසමින් සැනසිල්ලේ නැළවුනා…
ඒත් අම්මේ අද මම ඔයාගෙ ගී හඬ අසමින් ඔයා වෙනුවෙන් සුදු මල් මාල ගොතන්නට තරම් අවාසනාවන්ත වෙලා.
අද ඔයා මට භෞතික වශයෙන් ඉතුරු වෙලා ඉන්නෙ රාමු කල පින්තූරයක පමණයි. ඒත්, මගෙ සිරුරේ ගලන හැම ලේ බිඳුවක් පාසාම ඔයාගෙ ආදරේ තාමත් ගලනවා. හැම හුස්මක් පාසාම ඔයාගෙ සුවඳ දැනෙනවා. මේ
දැනුත්, තනිවෙන හැම මොහොතකම වගේ මම අපි දෙන්නගෙ පිංතූර, පුංචි පුංචි වීඩියෝ කෑලි බලනවා. ඒ වෙලාවට මට දැනෙන තනිකම මෙතෙකැයි කියල විස්තර කරන්න බෑ. අදට ඔයා ගිහිල්ල දවස් 25 යි. පාළු ,මූසල දවස් විසිපහක්….
අම්මට කියන්න කොච්චර දේවල් මගෙ හිතේ තියෙනවද?
ඒව දැන් කාට කියන්නද?…
ඔයා සිංදුවෙන් කිව්ව වගේ ඔයාගෙ පොඩි දුවණි..සංජීවනී, මහා පාළුවක් හිතේ තියාගෙන අමාරුවෙන් හිනාවෙන්න උත්සාහ ගන්නව අම්මා. ⁣ඔයා හරි අසයි මං ලස්සනට ඇඳල, හිනැහිලා ඉන්නව බලන්න. අනේ ඒ මතක මාව නොමර මරනවා අම්මේ. ඉතිං මං කොහොමද ඔයාගෙ සිංදුවෙ කියපු හැටියට රෑ අහසෙ පායපු චන්ඳ්‍රය වගේ හිනාවෙන්නෙ?…
ඒ හඳ ඉදිරියේදි හැමදාම අමාවක වේවි…ඒත් අද රෑටත් ඔයා හීනෙන් ආවොත් ඔයා බලන්න කැමතිම හිනාව මගේ මුහුනෙ ඇඳේවි.
ඔයා දන්නවද?…ඔයා මං වෙනුවෙන් කියපු සිංදුවෙ මං කැමතිම පේලිය මොකක්ද කියලා?….
” සංසාරේ හැමවාරේ වේවා පොඩි දියණිය මාගේ…..”
අනේ….මං කරන සියළු පින්කම් වල අනුහසින් ඒ පැතුම එලෙසින්ම ඉටුවේවා අම්මා. ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන අඬන්න හේතු කෝටියක් තියෙද්දි, ඒව දරාගෙන ඔයාගෙ ආත්මය වෙනුවෙන් කල යුතු හැම පිනක්ම මට හැකි උපරිමයෙන් කරනවා. මතු උපදින යම් භවයක් වෙතොත් ඔයාගෙ උතුම් මව් කුසේ නැවත මට ඉඩක් හිමිවේවා!
ආදරෙයි අම්මා..
මගේ මැණිකට සසර ගමන කෙළවර අමා මහ නිවන් සුවයම අත්වේවා”

Previous article“උඹ අපිව පරිස්සමට ලංකාව වටේ එක්කගෙන ගියා… ඒක තමයි මට කළ ලොකුම උපකාරය..” ගුවන් අනතුරෙන් දිවි අහිමි වුණු ප්‍රතීක් ගැන ඔහු සංවේදීව කී කතාව මෙන්න..
Next article“කවුරු මොනවා කිව්වත් අපි හරිම සතුටින් මගේ පණ.. ඒ ඇති නේද අපිට..” විශේෂ දවසක සමිතා ඇය වෙනුවෙන් එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights