Home දේශිය පුවත් “දුක් – කරදර ජය – පරාජ හැම තැනකම අම්ම මගෙ අත අල්ල...

“දුක් – කරදර ජය – පරාජ හැම තැනකම අම්ම මගෙ අත අල්ල ගෙන මා එක්ක හිටිය නිසා මට බයක් තනියක් දැනුනෙ නෑ. දැන් මම බයෙන්…” නිම නොවන සෙනෙහසක අඩුව තබා ඇයගේ මව සදහටම නික්මයයි..

0
108
ඇයට මේ දුක කොහොම නම් දැනෙනවා ඇතිද..?

තමන්ගේ සෙවනැල්ල වගේ හිටපු ඒ ආදරණීය අම්මාගේ නික්මයාම ගැන ඇයට හිතාදර පිරිසක් විසින් අද මෙන්න මේ විදිහට මුහුණුපොතට එක්කරලා තිබුණා.

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ලංකාවේ කවුරුත් ආදරය කරන ඒ නිහතමනී කලාකාරිණියගේ මව අභාවප්‍රාප්තවී තිබෙනවා.

එතුමියගේ දේහය මේ වන විට 1330/2 10වන පටුමග, බෝගහවත්‍ත, පන්නිපිටිය නිවසේ අවසන් ගෞරව සඳහා තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2025/12/ 24 සවස 6.00 පන්නිපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බවයි දැනගන්න ලැබෙන්නේ..

මේ අතර, තම මව ගැන බොහොම ආදරණීය සටහනක් ‍රේණුකා බාලසූරිය විසින් ඇයගේ මුහුණුපොතට මෙන්න මෙහෙම එක්කරලා තිබුණා. ඇත්තටම මේ සටහන කියවන ඕනම කෙනෙක් නම් මේ සටහන දැක්කම සංවේගයට පත්වේවි..

“මම ඉපදෙනකොට අම්මට වයස අවුරුදු 19 යි. අද එයාට වයස අවුරුදු 84යි. ඉපදුනු දා ඉදන් අද වෙනකම්ම මම ඉන්නෙ අම්ම එක්ක. මම හැමදාම කිව්ව මම තමයි අපේ පවුලෙ වාසනාවන්තම. අම්ම එක්ක හැමදාම ඉන්න ලැබුන නිසා. දුක් – කරදර ජය – පරාජ හැම තැනකම අම්ම මගෙ අත අල්ල ගෙන මා එක්ක හිටිය නිසා මට බයක් තනියක් දැනුනෙ නෑ. දැන් මම බයෙන්. ඒ අත කොයි මොහොතෙ අත හැරෙයිද කියල දන්නෙ නෑ. මාස ගනනකින් ජීවිතේ බොහෝ දේ වෙනස් වෙලා. අද අම්මගෙ උපන් දිනය. අද මගේ එකම පැතුම මගෙ අම්ම දුකෙන් මිදේවා. අම්මට සුබ පැතූ ආශිර්වාද කළ සැමට යහපතක්ම වේවා.”

Previous articleනිතරම ඔලුව රිදෙනවද? තෙහෙට්ටුවද? නින්ද අඩුද? මෙන්න විසඳුම
Next article“මම ගැන හොයලා බැලුවට ස්තූනියි..” – ජනප්‍රිය නිළි දේශානි නෙහාරා ගෙන් සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights