Home දේශිය පුවත් අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා. – රංගන ශිල්පිනි පියුමි බොතේජූ...

අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා. – රංගන ශිල්පිනි පියුමි බොතේජූ කී කතාව මෙන්න

0
89

රංගන ශිල්පිණී පියුමි බොතේජු සතිඅන්ත පුවත්පතකට පළකර තිබෙන අදහස් ඇතුළත් ලිපියක කොටසක් මෙසේය.

පියුමි හැමදාම ඔහොම තනියම ජිවත් වෙන්නද කල්පනාව?
ඔයා අහන්නෙ මරු ප්‍රශ්නයක් . මේ දවස්වල අපේ අම්මත් ඕකම තමයි අහන්නේ. අපේ ගෙදර හිටියේ මමයි අම්මයි තාත්තයි. දැන් තාත්තා නැති වුණු නිසා ඉන්නේ අම්මයි මමයි.
ගෙදර වුණත් මොකක් හරි වැඩක් කරන්න ගියාමත් අයියලාට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අයියාගේ පුතාට කියන්න ඕනේ. ඒ නිසා අම්මත් නිතරම කියනවා මේ ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ කියන එක. ඉතින් මටත් ඇත්තටම පාළුයි. මනුස්සයෙක්ගේ ජීවිතේට ආදරේ කියන දේ විවිධාකාරව ලැබෙන්න ඕනේ. අපේ හැඟීමක් ෂෙයාර් කර ගන්න හරි කෙනෙක් ඕනේ කියන එක මටත් තේරෙනවා. බලමු ඉස්සරහට ඉතින්.

ඒ කියන්නේ ළඟදීම ජීවිතේ වෙනස් වෙන සුබවාදී පැත්තක් තියෙනවා කියන එකනේ?
අම්මා නම් මේ දවස්වල සුබවාදීව කෙනෙක් හොයනවා.

මේ සැරේ ආදරේ ඉස්සර නොකර යෝජිත පැත්තට ද ඉඩ දෙන්නේ?
මෙහෙමයි මට හැමදාම වුණේ මගේ හැඟීමට මුල් තැන දීලා මට අවසානයේ වුණේ මාව රැවටීමට ලක් වීමක්. මොකක් හෝ හේතුවක් නිසා පියුමි බොතේජු කියන කෙනා ළඟට ආව එකක් තිබ්බේ. එක්කෝ ජනප්‍රියත්වයට නැත්නම් මිල මුදල්වලට. එතැන මම හොයපු ආදරේ තිබුණේ නැහැ. මම දැන් කණාමැදිරි එළියටත් බයයි.

Source – gossip Lanka News

Previous articleඅම්මා දේශපාලනයක් කලේ නැහැ. නමුත් දේශපාලන වේදිකාවල තාත්තාගේ ඝාතනය බොහෝ අවභාවිතා වුණා. ඊට විරුද්ධවයි අම්මා නැගී සිටියේ. ” දැයෙන් සමුගත් ප්‍රේමකීර්ති අල්විස්ගේ බිරිඳ ගැන පුත් පූර්ණ තැබූ සංවේදී සටහන
Next articleමම මුල් වතාවට මේ කියන්නේ දැන් මම පෙම්වතියක් නෙවෙයි’ කවුරුත් ආදරේ කරන ගීත්මා බණ්ඩාර කී කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights