Home දේශිය පුවත් ” මගේ අම්මි සිංහල. තාත්තා මුස්ලිම්. ඒ නිසා තමයි මට ඇරබික් නමක්...

” මගේ අම්මි සිංහල. තාත්තා මුස්ලිම්. ඒ නිසා තමයි මට ඇරබික් නමක් තියෙන්නෙ…’ රටම ආදරේ අපේ හනා හෙලිකල මෙතෙක් ඔබ නොදත් කතාවක්

0
116

 

”හනා” කියූ හැටියේම ඇගේ නම නොදන්න කෙනෙක් නැති තරම්.

ඒ තරමට ඇයට රසික රසිකාවියෝ සෑහෙන්න ඉන්නවා.

”හනා” කියන නම වේදිකාවට භාවිත කරන නමක් කියලනෙ බහුතරයක් හිතන්නෙ.

නමුත් ඇගේ ඇත්තම නම තමයි මේ ‘හනා ශෆා’ (Hana Shafa) කියන්නෙ.

එහෙම තරමක් වෙනස් නමක් තමන්ට ආවේ කොහොමද කියලා, ඇය ගෙවුණු දවසක කියලා තිබුණා.

”ගොඩක් අය මුලින්ම හිතුවා ඒක දාපු නමක් කියලා. මොකද නම චූටි වැඩීනේ, අකුරු දෙකක්නෙ.
එතකොට හිතුවා ලේසියට දාලා කියලා.

මුල් කාලේ ඒ කියන්නෙ ඉස්කෝලෙ යන කාලේ එහෙම මටත් මගේ නම ගැන ලොකු එකක් තිබුණෙ නෑ. නමුත් සින්ග් කරන්න ගත්තට පස්සෙ මට මගේ නමට ආස හිතුණා.

හනා ශෆා කියන්නෙ නම් දෙකක්. ගොඩක් අය හනාශෆා කියලා එකටත් කියනවා.

මේක ඇරබික් නමක්. ගොඩක් අය හිතන්නෙ ජැපනීස් නමක් කියලා. හනා කිව්වාම ටිකක් ජැපනීස් තේරුම් තියෙනවා. නමුත් දාලා තියෙන්නෙ ඇරබික් නමක්.

ඇරබික් නමක් එන්න හේතුව, මගේ අම්මි සිංහල. තාත්තා මුස්ලිම්. ඒ නිසා තමයි මට ඇරබික් නමක් තියෙන්නෙ. මම ආසයි මේ නමට…”

උපුටාගැනීම : ‘ඉතිං ඉතිං කොහොමද’ වැඩසටහනේ කතාබහක් ඇසුරින්

#ChannelE

Previous articleතවත් දැවැන්තයෙක්ට අසාධ්‍යයි..! කණ්ඩලමේ හැඩකාරයා ජීවත්වීමේ සටනක !
Next article“විවාහය කියන්නේ ආදරේ නාමයෙන් දෙන්නෙක් අතර ඇතිකර ගන්නා ලොකු බැඳීමක්…” හැමෝම ආදරේ කරන කාංචනාගේ හිත ගත්ත කෙනා කවුද ?
error: Content is protected !!
Verified by MonsterInsights