Home දේශිය පුවත් මගේ පුතේ නැඟිටින්න ! මියගිය සිඟිත්තාගේ දේහය අසල පියෙකු හඬා වැටෙයි

මගේ පුතේ නැඟිටින්න ! මියගිය සිඟිත්තාගේ දේහය අසල පියෙකු හඬා වැටෙයි

0
34

මගේ පුතේ නැඟිටින්න !
මියගිය සිඟිත්තාගේ දේහය අසල පියෙකු හඬා වැටෙයි

මන්නාරම – නානාට්ටන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේදී පසුගියදා (10) සවස සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලබා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන පියෙකු තම දරුවාගේ දේහය දකින අවසන් ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර, එය බොහෝ දෙනෙකු ශෝකයට පත් කරන දසුනක් බවට පත්ව තිබේ.

මන්නාරම-නානාට්ටන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේ සිට නානාට්ටන් දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, පෙරේදා (10) සවස පියෙකු, මවක්, පුතෙකු සහ දියණියක ඇතුළු සිව්දෙනෙකු මන්නාරම දෙසට ධාවනය වූ රථයක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

එම අවස්ථාවේදී, යතුරුපැදියේ ගමන් කළ සිව්දෙනා – පියා, මව, පුතා සහ දියණිය බරපතල තුවාල සහිතව මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන ලදී.

කෙසේ වෙතත්, බරපතල තුවාල ලැබූ 4 හැවිරිදි පිරිමි දරුවා ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමටත් පෙර මිය ගියේය.

 

Previous articleශ්‍රී ලාංකිකයෙකුට ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයක්..!
Next articleනින්දෙන් ගොරවන කෙනෙක්ද ? එහෙනම් මේ උපදෙස් ඔයාට… මේ විදිහට කරලා බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights