Home දේශිය පුවත් වාහන තියෙන හැමෝම දැනගත යුතුම පුවතක්! ඉන්ධන QR කෝඩ් එකේ ලොකු වෙනසක්...

වාහන තියෙන හැමෝම දැනගත යුතුම පුවතක්! ඉන්ධන QR කෝඩ් එකේ ලොකු වෙනසක් වෙන්නද යන්නේ? ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාව මෙන්න!

0
9466
QR කේතයෙන් ඉන්ධන ලබාගන්නා එක ගැන මේ දවස්වල බොහෝදෙනා විවිධ කතාබහ වෙනවා.

මේ අතරේ ඊයේ (27) බලශක්ති අමාත්‍යාංශයේදී හදිසි වගේම විශේෂ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා.

මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ දැනට තියෙන ඉන්ධන QR පද්ධතිය තවත් ‘Upgrade’ කරලා එහි ඵලදායිතාව උපරිම කරන එක ගැනයි.

විශේෂයෙන්ම දැනට QR එක පාවිච්චි කරද්දී පාරිභෝගිකයින්ට සහ පිරවුම්හල්වලට මතු වෙලා තියෙන ප්‍රායෝගික ගැටලු විසඳන එක ගැන මෙහිදී ගැඹුරින් සාකච්ඡා වෙලා තියෙනවා.

ඒ වගේම මේ පද්ධතියේ තාක්ෂණය මීට වඩා කොහොමද කාර්යක්ෂමව පාවිච්චි කරන්නේ කියන එක ගැනත් අවධානය යොමු කරලා.

ඊට අමතරව රටේ කර්මාන්තශාලා සහ අනෙකුත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන කෝටාව කිසිම අඩුවක් නැතුව ලබා දෙන්න ඉදිරියේදී ගන්න ඕන පියවර ගැනත් මෙහිදී සැලසුම් කරලා තියෙනවා.

මේ තීරණාත්මක සාකච්ඡාවට එක්ව තිබුණේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල වගේම එම අමාත්‍යාංශයේ උපදේශකවරුන් වන සුමුදු රත්නායක සහ උපුල් අබේසිරිවර්ධන කියන ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසයි.

ඉතින් මේ අයගේ මැදිහත්වීමත් එක්ක ඉදිරියේදී අපේ QR ක්‍රමයේ අලුත්ම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද..?

Previous article“වසත් සමයක දෝතටම වැඩි නුඹ මගේ සම්මානයයි.. අදින් පසුවට සදා කල්හිම මගෙ ලොවට ගිම්හානයයි..” හැරදා ගිය පුතු වෙනුවෙන් ඇයගේ හදේ නැගුණු අපරිමිත මව් සෙනෙහස වචන කළ ඇය
Next articleරස්නය නිසා රෑට ජනෙල් ඇරගෙන නිදාගන්නවාද? එහෙනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න. නැත්තම් ලොකු දෙයක් වෙලයි නවතින්නේ…
error: Content is protected !!
Verified by MonsterInsights