Home දේශිය පුවත් ජීවිතේ තව කොච්චර ප්‍රශ්න ආවත් මම දන්නවා මාව ඔයා තනි කරන්නේ නෑ...

ජීවිතේ තව කොච්චර ප්‍රශ්න ආවත් මම දන්නවා මාව ඔයා තනි කරන්නේ නෑ කියලා…” සෙනෙහෙවන්ත ඔහු වෙනුවෙන් කවී කියූ ඒ ආදරණීය කතාව මෙන්න..

0
95

 

ඒ දෙන්නාගේ ආදරය ගැන මේ වෙද්දී නොදන්නා කෙනෙක් නැති තරම්.

කාවින්ද්‍යා – දනිඳු, මීට දින කිහිපයකට කලින් ඔවුන් දෙදෙනාගේ ජීවිතයට තවත් එක් සුවිශේෂී දවසක් උදා වුණා.

ඒ මේ දෙදෙනාගේ 2වැනි විවාහ සංවත්සරයයි. නොදැනීම කාලය මොන තරම් නම් දුරක ගිහින්ද..?

ඒ ලස්සන දවස වෙනුවෙන් කවී ඇගේ ආදරණීය සැමියා ගැන මෙන්න මේ වගේ කතාවක් කියන්න අමතක කරලා තිබුණේ නැහැ..

“අදට බැඳලා අවුරුදු දෙකක්…
මාව දාරාගෙන, එන ප්‍රශ්න සියල්ලටම මාත් එක්කම face කරලා, මට ආදරේ/ රැකවරණය දීලා, මට වචනයක්වත් සැරෙන් කතා නොකර, මාව තේරුම් අරං, අම්මා / තාත්තා / මම්මා ට පස්සේ මාව ආදරෙන් බලාගන්න කෙනෙක් ලැබේවා කියලා, අනන්තවත් ප්‍රාර්ථනා විශ්වයට එකතු කරන්න ඇති… ඒ ඔයා
ඔයා මට මේ දෙන ආදරේම ඇති ඔයාගෙ ජීවිතේ හැමදේම හරියන්න.
ජීවිතේ තව කොච්චර ප්‍රශ්න ආවත් මම දන්නවා මාව ඔයා තනි කරන්නේ නෑ කියලා…
මම ඔයාගෙ ආදරේට පුදුම ආදරෙයි…
මේ අවුරුදු දෙක වගේ ම තව අවුරුදු ගාණක් ඔයා එක්ක සතුටෙන්, සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා…
මට වගේම මේ ලෝකේ ඉන්න හැම කෙනාටම තමන්ට ආදරේ දෙන, හිතට සැනසීම දෙන, තමන්ව දරාගන්න, මොන ප්‍රශ්න ආවත් තමන් ලඟ හිටගන්න පිරිමියෙක්/ගැහැණියක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! “

Previous articleනැවත මෙවැනි දෙයක් සිදුවුවහොත්, අවෛරයෙන් වෛරය සංසිඳෙන්නේද නැත..” සත්‍ය විකෘති කළ වීඩියෝව අවසානයේ සමාජ මාධ්‍යයෙන් ඉවත් වෙයි..
Next articleමතකද එදා රිදී තිරයේ කාගේත් ආදරය දිනාගත්ත ඒ සමනලිය, මනසින් ශක්තිමත් ඔවුන් දෙදෙනා පුංචි පැංචියකගේ ඥාන මව්පියන් වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights