ආදර කතා මිනිස්සුන්ගේ හිත් ඇතුළේ හරි ඉක්මනට ලියැවෙනවා.. ඒ වගේමයි මේ අතරින් සමහර ආදර කතා හරිම විශේෂයි.
කාලයත් එක්ක වැඩි වුණ ඒ වගේ ආදරකතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. රුවන්ති මංගලා සහ නාමල් උඩුගම කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිත ද්විත්වයක්.
90 දශකයේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන, නාමල් උඩුගම කියන්නේ තරුණ තරුණියන්ගේ සිත් වසඟයට ගත්ත හඬක හිමිකරුවෙක්. ඔහු විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය නිළි රුවන්ති මංගලා සමඟ යි.
මේ දෙන්නාගේ 29 වන විවාහ සංවත්සරය අද දවසට යෙදිලා තියනවා. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් විශේෂ සටහනක් මේ ප්‍රවීණ ශිල්පිනිය ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
මෙන්න බලන්නකෝ මේ දෙන්නාට එදා දවස මොනතරම් විශේෂ වෙන්න ඇතිද කියලා. අදටත් ඒ මතක හරිම ලස්සනයි. සුන්දරයි..
“අවුරුදු29ක් කාලය ගිය ඉක්මන..”











