කාවින්ද්‍යා අධිකාරි, අද ඇයට හරිම ආදරණීය දවසක්.. ඒ ඇයි කියන්න මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නවා නේ..
ඇගේ උපන්දිනය..
කාවින්ද්‍යාගේ ආදරණීය පවුලටත් ඇයට වගේම මේ දවස ගොඩක් විශේෂයි..
ඔන්න ඉතින් අද ඇගේ ජීවිතයේ ඒ ලස්සන දවස වෙනුවෙන් කාවින්ද්‍යාගේ අම්මා සමිතා, මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා..
ඒ විතරක් නෙවෙයි, හැමදාමත් වගේ ඇගේ පවුලේ අය මේ දවස ලස්සන කරන්න ඇයටත් එක්ක එක්වුණු ඒ මොහොතේ අපූරු ඡායාරූපයක් ඒ සටහන එක්කම මුහුණුපොතට එක්කරන්න ආදරණීය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව අමතක කරලා තිබුණේ නැහැ..
“අද හරිම ලස්සන දවසක් මගේ දුවේ.. මගේ දුව අද වගේ දවසක තමයි මේ ලෝකේ එලිය දැක්කේ.. ඒ දවස මට අද වගේ මතකයි.. එදා ඉදලා අද වෙනකන් මගේ දුව කුමාරිකාවක් වගේ මට පුලුවන් හැම දේම කරලා, මට පුලුවන් විදිහට තියාගෙන ඉන්නේ මගේ ලගින්ම..
කිසිම අඩුවක් දැනෙන්න දෙන්නේ නැතුව ඔයාව බලාගත්තා.. අදටත් එහෙමමයි. අම්මි ජීවත් වෙලා ඉන්නකල් අඩුවක් දැනෙන්න දෙන්නේ නෑ මගේ රත්තරන් දුවට.. අම්මි මල්ලි තාත්ති ඔයාට ගොඩාක් ආදරෙයි..
එ වගේම ඔයා ලගින් දැන් දනී බබත් ඔයාට ගොඩක් ආදරේ දෙන්න ඔයා ලගින් ඉන්නවා. ඒ වගේම අවුරුදු 6කට කලින් අපිව ආදරෙන් බලාගන්න චීනොත් අපි ලගට ආවා.. කවුරු මොනවා කිවුවත් අපි හරිම සතුටින් මගේ පණ.. ඒ ඇති නේද අපිට..
තාත්ති, අම්මි, ගැන කවුරු මොනවා කිවුවත් අදටත් ඔයාගේ ලගින් අම්මි තාත්ති ඕනම දේකට ඉන්නවා ඔයාට ඕන හැම වෙලාවෙම.. හැම මොහොතෙම සතුටින් ඉන්න මගේ දුවේ, හිනා වෙලා ඉන්න.. එච්චරයි අම්මිට ඕන.. නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගේ පණට..”









