Home Uncategorized මේවා වැඩිය කවුරුත් බලන්නේ නැ… කෝප්ප කොල වල තියෙන මේ විශ්මිත ගුණ...

මේවා වැඩිය කවුරුත් බලන්නේ නැ… කෝප්ප කොල වල තියෙන මේ විශ්මිත ගුණ ගැන දැනගත්තොත් ඔබත් පුදුම වෙයි.

0
71

කෝප්ප කොළ කිවුවට කවුරුත් වැඩිය දන්නේ නැතුව ඇති.

හැබැයි ගමේ රසට කන ගුනදායී මැල්ලුමක් තමයි කෝප්ප කොල මැල්ලුම කියන්නේ.

ඔය ගමේ ගොඩේ වැටවල් අද්දර මේ කෝප්ප කොල ගස් දැක ගන්න පුළුවන්.

අතීතයේ පටන්ම අපේ මුතුන් මිත්තන් කෝප්ප කොළ කලවම් පළා මැල්ලුමට එකතු කර ගෙන තිබේ.

මෙම පත්‍ර කෝප්පයක හැඩයෙන් යුතු වන හෙයින් කෝප්ප කොළ යනුවෙන් හදුන්වන අතර අදවන විට මෙය ආහාරයට ගැනීමට වඩා වගා කරනු ලබන්නේ විසිතුරු ශාකයක් ලෙසයි.

කෙසේ නමුදු ගුණ දන්නො මෙහි කොළ කලවම් පළා මැල්ලුමක් ලෙස මෙන්ම රසවත් සම්බෝලයක් ලෙසද ආහාරයට එකතු කර ගනී.

කෝප්ප ශාකයේ කොළවල පැහැය අනුව ප්‍රභේද දෙකක් දක්නට ලැබේ.

1.සුදු පාට පුල්ලි වැටුනු පත්‍ර දරන කෝප්ප ශාකය

2.කොළ පැහැති පත්‍ර දරන කෝප්ප ශාකය බොහෝ විට ආහාරයට ගනු ලබන්නේ කොළ පැහැති කෝප්ප කොළය.

කෝප්ප කොළවල ඖෂධීය භාවිතය

පාචනය සමනය කරයි

මළබද්ධය සමනය කරයි

මුත්‍ර රෝග සුව කරයි.

මුඛයේ ආසාදන සමනය කරයි.

ඇස් පෙනීම වර්ධනය කිරීමට මෙන්ම අක්ෂි රෝග සමනය කරයි.

නීරක්තිය සමනය කරයි.

මව් කිරි වඩයි.

අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වයි.

කෙස් වර්ධනය කරයි.

කෝප්ප කොළ සම්බෝලය සකස් කරගන්නා ආකාරය.

ලියලා ගත් කෝප්ප කොළ මිටක්

ලියලා ගත් අමු මිරිස් කරල් දෙකක්

ලියලා ගත් ලූණු ගෙඩි එකක්.

උම්බලකඩ ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

ලියලා ගත් කෝප්ප කොළ ස්වල්පයට පොල් ගම්මිරිස්,ලියලා ගත් ලූනු, ලියලා ගත් අමුමිරිස්, සහ උම්බලකඩ, පදමට ලුණු සහ දෙහි ඇඹුල් මිශ්‍ර කර ආහාරයට ගැනීම මගින් ඉහත සඳහන් කළ බොහෝ රෝග සමනය කර ගත හැකිය.

ඔබත් කෝප්ප කොළ හැකි පරිදි ආහාරයට එක් කර ගන්න.

උපුටාගැනීමකි…

Previous articleහැඩති සිරුරේ වෙනස ගැන ලොවක් ආදරේ කරන නිලි තමන්නා හෙළිකල අමුතුම හෙලිදරව්ව මෙන්න.
Next articleදෙහි මතුරනවා කියලා කරන්නේ බොරුවක්ද ? දෙහි බෑයක් මතට ලුණු ගම්මිරිස් ඉස ආහාරයට ගත්තොත් ක්ෂණයෙන් වෙන වැඩේ මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights