Home තරු ගොසිප් අතීතය ගැන පසුතැවීමක් නෑ.. විශ්වාසවන්ත අවංක ආදරයක් ලැබුණොත්..? ගීත්මා පෞද්ගලික කාරණයක් ගැන...

අතීතය ගැන පසුතැවීමක් නෑ.. විශ්වාසවන්ත අවංක ආදරයක් ලැබුණොත්..? ගීත්මා පෞද්ගලික කාරණයක් ගැන රසිකයින්ට කියයි..

0
102

ඇය හිරු තිරය හරහා අපි කාටත් සුපුරුදු චරිතයක්..

ගීත්මා බණ්ඩාර, රටක් ආදරය කරන සුරූපී ඇය ඔන්න කාලෙකට පස්සේ ටිකක් වෙනස් විදිහක කතාවක් කියලා තිබුණා.

අපේ ජීවිතවල හිත් රිදීම් කඩාවැටීම් මොන තරම් තිබුණත් ජීවිතය කියන්නේ ඉදිරියටම ගෙන යා යුතු දෙයෙක්.. කලාකාරිණියක් විදිහට ඇය දැන් කලාවට යොමුවෙලා ඉන්නේ වෙනස්ම මාවතක් එක්කයි.

ගීත්මාගේ ඉදිරි වැඩකටයුතු මොන වගේ වේවිද..? ඒත් එක්කම ඇය ඇයගේ පෞද්ගලික ජීවිත‍යේ සමහර සිදුවීම් ගැනත් මෙන්න මේ විදිහට කතා කරලා තිබුණා..

රංගන ජීවිතයේ සාර්ථකත්වයට බලපාපු දේවල් මොනවද ?

ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න කෙටි පාරවල්වල යන්නෙ නැතුව රංගනය කියන්නෙ මොකක්ද කියලා අඳුරගෙන රංගනය පිළිබඳ දැනුම අවබෝධය ලබාගෙන ඒ වෙනුවෙන් කැපවෙලා විවිධ චරිත රඟපාන්න පුළුවන් හැකියාව මම තුළ ගොඩනගා ගන්න පුළුවන්වීම සාර්ථකත්වයට හේතුව විදිහ⁣ට මම දකිනවා. ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා මේ වෙනකන් මම හැමෝම එක්ක සුහදශීලීව හිතවත්ව කටයුතු කිරීමත් සාර්ථකත්වයට බලපෑවා කියලා මම විශ්වාස කරනවා. ක්ෂේත්‍රයේ ආශ්‍රය කරන අයව පෞද්ගලික ජීවිතයට සම්බන්ධ කරගන්නෙවත් පෞද්ගලික ජීවිතයේ අය ක්ෂේත්‍රයට සම්බන්ධ කරගන්නෙවත් නැතුව වෘත්තීය විදිහට කටයුතු කරන නිසා මාව කැපිලිවලට ලක් වුණේ නැහැ⁣.

ඉස්සරට වඩා ගීත්මා පරිණත වෙලාද ?

ජීවිතයේදි මුහු⁣ණ දෙන්න ලැබුන අත්දැකීම්වලින් ජීවිතය සහ සමාජය කියන්නෙ මොකක්ද කියලා මට ඉගෙනගන්න ලැබුනා. ලැබුණ අවබෝධයත් එක්ක මම දැන් බුද්ධිමත්ව ඉදිරිය කල්පනා කරලයි ජීවිතය සැලසුම් කරන්නෙ.

අතීතය ගැන පසුතැවීමක් තියනවද ?

අනේ නැහැ⁣. අතීතය ගැන දුක්වුණ අවස්ථා තිබුණා. හැබැයි අතීතය මාව ශක්තමත් ගැහැනු ළමයෙක් කළා. දැන් මම මාව දිනවන ජයග්‍රාහී ගමනක ඉන්නෙ.

ආපහු ආදරය කරයිද ?

මගේ ජීවිතයෙන් ආදරය සම්පූර්ණයෙන්ම අයින් කරන්න අදහසක් නැහැ⁣. විශ්වාසවන්ත අවංක ආදරයක් ලැබුණොත් මම ආපහු ආදරය කරයි. හැබැයි මේ වෙද්දි මම ප්‍රමුඛත්වය දීලා තියෙන්නෙ රංගන ජීවිතයට මිසක වෙන දේවල්වලට නෙමෙයි.

ගීත්මා ඉස්සරට වඩා කෙට්ටු වෙලාද ?

අවුරුදු අටකට කලින් රංගන ක්ෂේත්‍රයට ආපු කාලෙදී මම ගොඩක් කෙට්ටුවට හිටියෙ. රංගන කටයුතු එක්ක කාර්යබහුල වෙලා ව්‍යායම කරන්න වෙලාවක් නැතිවීමත් එක්ක පහුගිය කාලෙදි මාව ටිකක් මහත් වුණා. සිනමාවට පැමිණීමත් එක්ක මම හිතුවා රසිකයක්ට මාව අලුත් විදිහට පේන්න ආපහු කෙට්ටු වෙන්න ඕන කියලා. සිනමාව වෙනුවෙන් සහ මට මාව අලුත් කරන්න ඕන නිසා ඉතින් ආපහු කෙට්ටු වුණා.

මහත වැඩියි කියපු අය දැන් මොනවද කියන්නෙ ?

අවුරුදු අටකට කලින් රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි රසිකයො මාව හැඳින්වුවෙ පුංචි ගෑනු ළමයෙක් විදිහට. මහත් වුණාට පස්සෙ රසිකයො මාව මහත බෝල ගෑනු ළමයෙක් විදිහට හැඳින්වුවා. හැබැයි මේ වෙද්දි ඇඟ සිහින්වීමත් එක්ක රසිකයො මාව සරාගිනියක් විදිහ⁣ට හඳුන්වනවා. ගොඩක් අය කියනවා මගේ ඇඟේ හැඩය දැන් ගොඩක් ලස්සනයි කියලා. ඉස්සර මහත වැඩියි කියලා කියපු අයත් දැන් මට ලස්සනයි කියලා කියනවා.

ගීත්මා විලාසිතාවලදි බලාපොරොත්තුවෙන්නෙ මොනවද ?

අනිත් අය හොඳයි කියලා පිළිගන්න සම්මත විලාසිතාවලට වඩා මට මාව ලස්සනට පේන වෙනස් විලාසිතයි මම කරන්නෙ. සමහර අවස්ථාවලදි මගේ විලාසිතා ගැන සමාජය තුළ කතාබහක් ඇතිවෙන්නෙ මේ නිසා වෙන්න පුළුවන්. විලාසිතාවලදි මම නිදහස සහ සුවපහසුව බලාපොරොත්තු වෙනවා. පුළුවන් හැම වෙලාවකදිම සරල විලසිතා කරන්න පුරුදුවෙලා ඉන්නෙ. ඇඳුම් ගොඩක් ඇදගෙන ඇඟ හිරකරගෙන අමාරුවෙන් ඉන්නවට වැඩිය සරල විවෘත විලාසිතාවලින් නිදහස සහ සුවපහසුව විඳින්න මම කැමැතියි.

විලාසිතාවලදි ගීත්මා ඇඟ පෙන්නනවා කියලා සමහරු කියන අදහස ගැන මොකද හිතන්නෙ ?

මම ඇඟ නඩත්තු කරන්නෙ අඳින්නෙ පලඳින්නෙ මම කැමැති විදිහට. මේ ලෝකෙ හැමෝම මට කැමැති වෙන්නෙ නැහැ⁣ කියලා මම දන්නවා. මගේ රංගනයට, ඇඟේ හැඩයට, අඳින ඇඳුම් විලසිතාවලට කැමැති පිරිසක් සහ අකැමැති පිරිසක් ඉන්නවා. කැමැති අයගේ ප්‍රතිචාරවලට සහ අකැමැති අයගෙන් ලැබෙන විවේචනවලට ඇහුකන්දීලා ජීවිතයට ගන්න මොනවහරි තියනවා නම් අරගෙන විවේචනවලින් හිත රිද්දගන්නෙ නැතුව සංයමයෙන් දරාගන්න මම පුරුදුවෙලා ඉන්නවා.

Previous articleආදරය, විශ්වාසය සහ තෘප්තිය ..ඔබේ මංගල රාත්‍රියට පෙර ඔබ දැනගත යුතුම රහස් 5ක්!
Next articleවැක්සීන් ගහපු අයට ඇත්තටම හාර්ට් ඇටෑක් හැදෙනවද? සමාජයේ පැතිරෙන කතාවලට ජාතික රෝහලෙන් දුන් පිළිතුර…
error: Content is protected !!
Verified by MonsterInsights