Home දේශිය පුවත් “මම ආඩම්බරම වෙන්නේ ලොකු අක්කා ගැන..” සහෝදරියක් විදිහට ඇයව දැනෙන හැටි ගැන...

“මම ආඩම්බරම වෙන්නේ ලොකු අක්කා ගැන..” සහෝදරියක් විදිහට ඇයව දැනෙන හැටි ගැන ශනූ කියපු ඒ කතාව මෙන්න..

0
34
ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවේ කවුරුත්  ආදරය කලා පවුලක්.

මේ පවුලේ අක්කලා නංගිලාගේ බැඳීම ගැන නම් අමුතුවෙන් විස්තර කරන්න ඕනම නෑ නේ.

මේ කියන්න යන්නේත් අන්න ඒ ගැන සමාජ මාධ්‍යයේ පළවුණු තවත් වීඩියෝවක කතාවක්. ශනූ එයාගේ අක්කලා ගැන කතා කරන්නේ ගොඩක් ආඩම්බරයෙන්. ඒ අතරිනුත් ඇය දිනක්ෂි ගැන විශේෂයෙන් කතා කරනවා.

මේ අන්න ඒ වගේ තවත් එක් අවස්ථසවක්. දිනක්ෂි කියන්නේ ගෙදර ලොකු දුවගේ වගකීම් හරියටම ඉටු කරන කෙනෙක්.

ඒ විතරක් නෙවෙයි, බිරිඳක් මවක් විදිහට වුණත් ඇය තමන්ගේ ජීවිතය සමබරව ගෙන යනවා. ඒ වගේමයි කලා ලෝකයේ කාගේත් අවදානය දිනාගත්ත ඇයට සමාජයෙන් විවිධ අවස්ථාවලදී විවේචන පවා එල්ල වෙලා තියනවා.

ඒත් ඇය අදටත් ශක්තිමත්. නංගි කෙනෙක් විදිහට ඇයට මේ දේවල් කොහොම නම් දැනෙනවා ඇතිද..? මේ ශනූ ඒ ශක්තිවන්ත අක්කා ගැන කියලා තිබුණු කතාවක්.

“මම ආඩම්බරම වෙන්නේ ලොකු අක්කා ගැන. එයා පොඩි කාලේ ඉදන් එයාව හදාගෙන ආපු විදිහ දැකලා දැන් මේ වෙනකොට ඉන්න තැන දැක්කම මාරම ආඩම්බරයක් දැනෙනවා. කවුරුහරි අක්කා ගැන කියද්දි මට හර්ම සතුටුයි. එයා හරිම උත්සහවන්ත දරාගන්න හොදටම පුළුවන් කෙනෙක්. එයාට මිනිස්සු කියපු දේවල් ඔලුවට ගත්තා නම් දැන් එයා ඉන්නෙත්නැති වෙයි. කා එක්කවත් තරගයක් නැතුව හරිම නිහඩව එයා එයාගේ ගමන ගියපු කෙනෙක්”

Previous articleගැස්ට්‍රයිටීස් රෝගයට කියාපූ බෙහෙත මෙන්න.ඔබත් අදම මේක කරලා බලන්න.ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුවයි.
Next articleඔබත් දියවැඩියාව රෝගයෙන් පෙලෙන කෙනෙක් නම් නොවරදවාම සතියක් රණවරා පානයක් ලබා ගන්න.දියවැඩියාව නැත්තටම නැති කරන ඔසුවක්..
error: Content is protected !!
Verified by MonsterInsights