Home දේශිය පුවත් ඔන්න දැන් පොලිසියටත් ලස්සන ඉන්න රූපලාවණ්‍යගාරයක්..!

ඔන්න දැන් පොලිසියටත් ලස්සන ඉන්න රූපලාවණ්‍යගාරයක්..!

0
35

පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ‘රූ සිරි’ නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ.

මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා උදාකර තිබුණද මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන භාහිර පාර්ශවයන් වෙතද සහනදායි මිලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකර ගත හැකිය.

මෙහි සේවය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීම මෙහි විශේෂත්වයකි.

පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකා සංදීපා සෙව්මිණි මහත්මිය හා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා අධීකරණය යටතේ මෙම රූපලාවන්‍යාගාරය සාර්ථකව වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.

Previous articleඅගය කලයුතු රාජ්‍ය සේවකයෝ.. අපේ රටට ඕනි මෙවන් චරිත නෙමෙයිද ? මේ ඇයගේ කතාව
Next articleසෙල්ලම් කර කර සිටියදී නාගයෙකු දෂ්ඨ කිරීමෙන් පුංචි මලකට අත් වූ සංවේදී ඉරණම.
error: Content is protected !!
Verified by MonsterInsights