වයසක සුද්දෙක් පාරේ තමන්ගේ පරණ කාර් එක එලවගෙන යනකොට හැප්පිලා තියෙනවා රෝල්ස් රොයිස් එකක.
ඉතින් ලංකාවේ රෝල්ස් රොයිස් අයිතිකාරයෝ වගේම වගේම ආණ්ඩුවටත් අඩංගු නැති හොස්ස ළඟින් මැස්සා යන්න බැරි අයිතිකාර සල්ලිකාරයා එළියට බැහැලා සද්දයක් දාලා තියෙනවා “ඩොලර් දහදාහක් දීපන් දැන් වාහනේ හදාගන්න” කියලා නැතිනම් අතපය කැඩෙන්න ගහනවා කියලා.
“අනේ මගේ අතේ නම් එච්චර සල්ලි නෑ කිව්වට පස්සේ “ලොක්කා කවුරුහරි එක්කගෙන හරි ඇවිල්ලා ගෙවපන් නැත්නම් ඇටකටු කැඩෙන්න ගහනවා” කියල.
සීයා ඉතින් බොහොම අසරණ විදිහට කලිසම උස්සලා දා මගේ පුතෙක් ඉන්නවා මම යවලා ඇමරිකන් හමුදාවේ ඩොල්ෆින්ලට උගන්වනවා එයාට තමයි එන්න කියන්න වෙන්නේ කිව්වලු.
ඊට පස්සේ අර සල්ලිකාරයා පුතාට කෝල් එකක් අරගෙන “උඹගෙ තාත්තා දැන් මෙතන මම අල්ලගෙන ඉන්නේ මගේ කාර් එක හප්පලා ඩොලර් දහදාහක් අරන් වරෙන් නැත්නම් තාත්තාගේ ඇටකටු කඩනවා” කිව්වලු.
ටිකකින් ජිප් එකක පස් හය දෙනෙක් ඇවිල්ලා එක පාරට වාහනේ තියෙන තැන නතර කරලා අර සල්ලිකාරයාගේ හතර හන්දි කඩලා එතන හිටපු කොල්ලෙක් ගිහිල්ලා අර වයසක තාත්තට කිව්වලු. “දෙයියන්ගේ නාමෙට තාත්තෙ, මම ඩොල්පින්ලට නෙමෙයි උගන්වන්නේ, සීල්ලට. “නේවි සීල් “ලට.
දැන් ලංකාවෙත් කොතැනකදි හරි තාත්තා කෙනෙක් කිව්වොත් මගේ පුතා “නේවි සීල්” කෙනෙක් කියලා විශ්වාස කරන්න. ෆිල්ම් වල පෙන්නන අති දුෂ්කර SEAL ට්‍රේනින් එක flying colours එක්ක ඉවර කරපු කොල්ලෙක් ඉන්නවා ලංකාවේ.
We have a Navy Seal Onboard who earned his Trident successfully.
Congratulations Lieutenant Koyan Chamitha. BZ











