Home දේශිය පුවත් දැන් එතකොට ඇත්තම වැරදිකාරයා කවුද ? රටක් කැළඹූ ගනේමුල්ල සංජීවගේ සිද්ධිය වෙනස්ම...

දැන් එතකොට ඇත්තම වැරදිකාරයා කවුද ? රටක් කැළඹූ ගනේමුල්ල සංජීවගේ සිද්ධිය වෙනස්ම අතට.. මෙන්න දැන් ඇසෙන පුවත…

0
69

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය ඝාතනය කළේ යැයි කියන සැකකාර වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා ගැනීමට සාක්ෂිකරුවන්ට නොහැකි වී ඇත. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේදී අද (04) පස්වරුවේදී සිදු කරනු අවස්ථාවේදී මෙසේ හඳුනාගෙන නොමැති බව පැවසේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය පසුගිය (21) දින කළ නියෝගයක් පරිදි මෙම පෙරට්ටුව අද පස්වරුවේ සිදු කෙරුනු අතර සැකකාර වෙඩික්කරු වන සමිදු දිල්ෂාන් බන්ධනාගාර හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් දැඩි රැකවල් මැද්දේ ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව සැකකරු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු එදින ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර ඇත.

අපරාධය සිදුකළ දින අංක පහ අධිකරණ ශාලාවේ රඳවා සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් විසින් සැකකරුව හඳුනා නොගත් බව සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් පෙනී සිටිි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

රෝෂන් තුෂාර
ලංකාදීප

Previous articleක්‍රිකට් ලොව හිතුවක්කාරයා.. කෝලි ඒ සතුට ඇ‍යත් එක්ක බෙදා ගත්තේ මෙන්න මෙහෙමයි..
Next articleවික්ටෝරියා ජලාශයේ පතුලේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුණ, සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද?
error: Content is protected !!
Verified by MonsterInsights