Home දේශිය පුවත් “අනේ! ආසයි පුතේ.. ඔය හුරතලය තව තව විඳින්න..” හිත් දෙකක් යා කරන...

“අනේ! ආසයි පුතේ.. ඔය හුරතලය තව තව විඳින්න..” හිත් දෙකක් යා කරන බැඳීමක් ගැන සංවේදීව ඇය එක්කළ සටහන මෙන්න..

0
89

 

මවකට තියන ලොකුම සැනසීම සහ සතුට තමන්ගේ දරුවන් කිව්වොත් හරි.

ඇයටත් ඒක එහෙමම වෙන්න ඇති. මේ කියන්න යන්නේ ඇය මුහුණු පොතට එක්කළ තවත් ආදරණීය සටහනක් ගැන කතාවක්.

ඕෂධී හිමාෂා, ඇයව මේ ක්ෂේත්‍රයේ කවුරුත් හඳුනන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහටයි. දැන් වැඩිපුර තිරයේ දකින්න නොලැබෙන ඇය දෙදරු මවක් කියලා ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති.

ඔන්න ඉතින් ඇගේ හිතේ තිබුණු අපූරු සටහනක් එක්කරලා තිබුණා. බලන්නකෝ ඒ කියන කතාව මොන තරම් ආදරණීයද කියලා.

“ඔය පුංචි හිතේ…
මහ හුඟක් ආදරේ පුරවගෙන
මගේ ළඟ දැවටෙනකොට
ඇත්තමයි පුතේ මම
නිවෙනවා සැනහෙමින් නුඹ හින්දම…
දහසකුත් හේතු තිබුණාට
දුක් වෙනවනම් මට..
ඒ හේතු අමතක කරවන
වටිනාම හිමි වීම..
මගේ ජීවන අරුමැසිය නුඹ..
දවසින් දවස …
කර දඬු උස්මහත් වෙනකොට..
ලෝබත් හිතෙනවා..
අනේ! ආසයි පුතේ
ඔය හුරතලය තව තව විඳින්න..
හෙමි හෙමින් මගේ පුතා ලොකු වෙන්න..
ඉතින්…මගේ රත්තරන් පුතේ..
අම්මාගේ එකම පැතුම නුඹට..
සතුටම ජීවිතයට ලැබෙන්න..
එපා දුකක් දැනෙන්න ඔය හිතට..
ගුණයහපත් පුතෙක් ලෙසින්
ලෝකයට පියවර තබන්න…”

Previous articleහපනුන් 6000කට මෙවරත් ඇගයුම් – හයේශිකා ටීචර් අම්මාගෙන් මෙවරත් සුපිරිම වැඩක්.!
Next article“ඔව් මම යකඩ ගැහැනියක්…ජීවිතේ බින්දුවටම වැටුණු මම අද මෙතනට එන්න සාගරයක් තරම් කඳුළු හලන්න ඇති…” – සුරේන්ද්‍ර වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් කියන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights