Home දේශිය පුවත් දෙවියනේ මෙහෙමත් මිනිස්සු..! ඉපදිලා දවසයි. කිරි කැටි බිළිදා වෙල්යායකින් සොයාගනී ! කුරුණෑගලින්...

දෙවියනේ මෙහෙමත් මිනිස්සු..! ඉපදිලා දවසයි. කිරි කැටි බිළිදා වෙල්යායකින් සොයාගනී ! කුරුණෑගලින් ඇසෙන හද පාරවන කතාව මෙන්න

0
69

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම අලුත උපන් දරුවා වෙල්යායේ ගසක් යට සිටිනු දැක තිබුණි.

පසුව ඔහු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර එම ස්ථානයට පැමිණි කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේ බිලිඳා දෑතට ගන්නා ලෙසය.

කෙසේ වෙතත් කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ සිටි තරුණයෙකු සිය T ෂර්ටය ගලවා බිළිදා ආවරණය කරමින් දෑතට ගැනීමට ඉදිරිපත් වී තිබේ.

අනතුරුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බිළිඳා එම ස්ථානයෙන් රැගෙන ගොස් මාවතගම රෝහලට ඇතුළත් කෙරිණි.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පැවසුවේ බිලිඳා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය.

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීහු පියවර ගත්හ.

බිළිඳා මෙම ස්ථානයේ අත්හැර දමා ගියේ කවුරුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

Previous articleරස කෑම ගොඩාරියක් කාලා චුට්ටං බන්ඩිගෙඩිය ලොකූවට පුරවං හයිය මනුස්සයෙක් වෙන්ට මයෙ පුතේ.” කසුන් – මාදවීගේ පුංචි කෛලාෂ්ට එදා සුවිශේෂී දිනයක්..!
Next articleවනජීවි ලොක්කෝ නිදි – ෆෝන් එකත් වැඩ නැ… තවත් වන අලියෙක්‍ට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights