Home දේශිය පුවත් “අනේ මගේ රෝස මල. මාව දාලා කොහෙද ඔයා ගියේ දෙයියනේ. කවදද මං...

“අනේ මගේ රෝස මල. මාව දාලා කොහෙද ඔයා ගියේ දෙයියනේ. කවදද මං ආයේ ඔයාගේ ඒ ලස්සන හිනාව පිරිච්ච මූණ දකින්නේ…” හීන ගොඩක අවසානය කඳුළින් නිම වෙයි.

0
106

හැඩකාර, දඟකාර, බලාපොරොත්තු පොදි බැඳගත් 23 හැවිරිදි තරුණියක් වූ සඳුමිණි දිව්‍යාංජලී පුංචිම ඩෙංගු මදුරුවෙකුට බිලිවීම නිසා ඇගේ දෙමව්පියන් සහ හිතවතුන් හඬා වැටෙමින් සිටින අයුරු කඳුළු ගේන දසුනක් වුණා…

“අනේ මගේ රෝස මල. මාව දාලා කොහෙද ඔයා ගියේ දෙයියනේ. කවදද මං ආයේ ඔයාගේ ඒ ලස්සන හිනාව පිරිච්ච මූණ දකින්නේ” යැයි හඬා වැලපෙන මව වන ඉරේෂා නිමන්ති දිසානායක (46) මහත්මියගේ වේදනාව දරාගන්නට අසීරුයි.

මතුගම, ආඳාගල පාරේ පදිංචිව සිටි සඳුමිණි, ටී. ඒ. තුෂාර දිල්හාර (53) මහතාගේ සහ ඉරේෂා මහත්මියගේ වැඩිමහල් දියණියයි. ඇගේ එකම මල්ලී තවමත් 9 හැවිරිදි හරිඳු පූර්ණ.
මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය නර්තනයට සහ නායකත්වයට උපන් දක්ෂතා දැක්වූවා. ඇය ජනාධිපති බාලදක්ෂ පදක්කම්ලාභිනියක් වූ අතර, තායිලන්තයේ පවා යෑමට වරම් ලැබූ දක්ෂතා රැසකින් දිවිය ඔප්නංවාගෙන තිබුණා.

පෞද්ගලික විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හා ජපන් භාෂා පාඨමාලාවක් හැදෑරූ ඇය, දෙමව්පියන්ට බරක් නොවී ඉගෙනීමේ වියදම් හොයාගන්නට කොළඹ ආයතනයක ප්‍රධාන කාර්යාලයේ රැකියාවක් කළා.

පොඩි මල්ලීට කරදරයක් නොවන පරිදි පාඩම් කිරීමට වැඩි කාලයක් ලබාගැනීම සඳහා සඳුමිණි නාවින්න ප්‍රදේශයේ බෝඩිමක නතර වී සිටියා. සති අන්තයේ ගෙදර ආවත්, පසුගිය සිකුරාදා (දෙසැම්බර් 12) ඉරිදා තිබෙන විභාගයක් නිසා ගෙදර නොඑන බව දන්වා තිබුණා.

සඳුමිණිගේ පුංචි අම්මා දුක සඟවාගෙන හෙළි කළේ මේ කතාව.

“දුව ගිය සිකුරාදා වැඩට ගිහින් ඇවිල්ලා උණ ගැනිලා තියෙනවා. බෙහෙත් ගත්තට ඔළුව කැක්කුම වැඩිවෙලා. ඩිස්පෙන්සරි එකට ගියාම ඩෙංගු කියලා IDH රෝහලට යන්න කියලා. යාළුවෝ එයාව අයි. ඩී. එච්. එකට එක්ක ගිහිල්ල. එතනදී එයාට කලන්තෙ දාලා, ප්‍රෙෂර් අඩු වෙලා, ඩෙංගු රක්තපාතෙ කියලා දැඩිසත්කාර ඒකකයට දාලා. සිකුරාදා රෑ 8ට විතර ඇතුල් කළත්, අපිට වචනයක්වත් කතා කරන්න ඉඩක් හම්බ වුණේ නෑ. 14 ඉරිද උදේ හයට විතර දුව අපිට නැති වුණා.”

අවසානයේ, විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමේ සිසුන් ඇතුළු සියලුම මිතුරු මිතුරියන් නිවෙසට එක්රොක් වී ඇත්තේ මේ අහිංසක සමනළියට අවසන් ගෞරවය දැක්වීමටයි.

Previous articleදිට්වා බිහිසුණු මතක අතර එක්වුණු තවත් ලස්සන පවුලක්.. තවමත් පස් යට වැළලී ගිය ඔවුන්ගේ මතක..
Next articleපෙම්වතියගේ ගෙට රිංගූ පෙම්වතාට නින්ද ගිහින්.. අන්තිමේට වුණ දේ මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights