මේ කියන්න යන්නේ තවත් මොහොතකට ඔබෙත් , මගෙත් හද නතර කරන කතාවක්. පසුගිය දවස්වල ඇතිවුණු ආපදා තත්වයත් එක්ක මොන තරම් ආදරණීයන් පිරිසක් අපට අහිමි වෙන්න ඇතිද..?
මේ සංවේදී කතාව අන්න ඒ ගැනයි. ඇයත් අන්න ඒ වගේ සැඟවී ගිය තරුණියක්. කොහොම වුණත් ඒ පොත තමගේ අතට ලැබෙනකල් ඇය ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න ඇති. ඒත් කිසිවෙකුත් නොසිතූ නිමේෂයක ඇගේ ජීවිතය සොබාදහම උදුරාගෙන ගිහින්. ඒ ලිපිනය, ඒ ගමේ ජීවත්වූවන්ගේ ආගිය තොරතුරු කිසිවක් නැහැ. එක්තරා දවසක තමන් යැවූ පාර්සලයක් ගැන මේ තරුණයාට ලැබෙන්නේ අදහාගන්න බැරි දුරකතන ඇමතුමක්. මේ අන්න ඒ ගැන ඇසුණු සංවේදී කතාවයි.
“හලෝ.. මේ Mathaka Publishers ද,, මම අහවල් තැපැල් කාර්‍යලයෙන් කතා කරන්නේ… මේ පාර්සල් එක තියෙන ගෙයත් එක්කම ගම ම නාය ගිහිල්ලා. පාර්සල් එක බාර දෙන්න කවුරුත් නෑ.. මොකද දැන් කරන්නේ..”
අද දහවල් මට බදුල්ල පැත්තේ තැපැල් කාර්‍යලයක නිලදාරියෙක් කතා කරලා කිව්වා. මමත් කාර් එක ඩ්‍රැයිවින් කරන ගමන් හිටිය නිසා අයිනකට කරලා කාර් එක නවත්තලා සම්පුර්ණ එයාට අවදානය දුන්නා.
“එතකොට සර්.. ඔය කියන ගෙදර දැන් එතන නැද්ද,, කස්ටමර්ව කන්ටෑක් කරේ නැද්ද,, මම පෙරලා ඔහුගෙන් ඇසුවා..
“කෝල් ගත්තා… ලිපිනය බැලුවම ඒ ගමම නාය ගිහින්.. ගොඩක් අය නැති වෙලා.. දැන් මොකද කරන්නේ… රිටන් ගහන්න ද,, නැවතත් එම නිලදාරියා මගෙන් අහනවා.
ඔය වගේ කස්ටමර්ව කන්ටෑක් කරන්න බැරි අවස්තාවල අපි ඕන තරම් සම්බන්ද කරලා රිටන් නොවෙන්න පාර්සල් යවනවා. ඒත්.. මේක එහෙම සම්බන්ද කරන්න පුලුවන් එකක් නෙවෙයි.
“හරි..එහෙනම් රිටන් ගහන්න..” මම පරාජිත හැගීමෙන් ඔහුට කියව්වා. එම සැනින් ඔහු කට් කරා.
වට්සැප් බිස්නස් ඇප් එකට ගිහින් මම ඒ නම්බර් එකෙන් එකෙන් සර්ච් කරලා පරණ චැට් එක හොයා ගත්තා. එයා මගේ හොද පාඨකයෙක්.. එයා ඕඩර් කරපු පොත් ටික එනකන් ආසාවෙන් බලන් ඉදලා තියෙන්නේ..
නොවැම්බර් 27 ඕඩර් එක දාලා තියෙන්නේ.. අපි 28ම පාර්සල් එක තැපෑලට බාර දීලා. මං හිතුවේ ගිහිල්ලා කියලා. ගංවතුර කරදර නිසා පරක්කු වෙලා..
ඒ චැට් බලන කොට මගේ ඇස් දෙකට කදුලු පිරුණා.. මම එයාට මැසේජ් කරා.. ඒත් ඒවා ගියේ නෑ.. කෝල් කරා.. ෆෝන් එක වැඩ නෑ.. මට මහා දුකක් දැනුනා.. එයා ඒ පොත් දෙක නොකියාම ගිහිල්ලා.
දෙයියනේ.. මගේ අකුරුවලට ආදරේ කල ජිවිතයක් නේද මේ… සොබාදහම ඇයි මෙතරම් කුරිරු උනේ. මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.
ඔයාට සුභ ගමන් නංගි…
එරන්ද රත්නසේකර මුහුණුපොත ඇසුරෙන්..
