Home සයුරෙන් එහා පුවත් එදා දෙවෙනි ලෝක යුද්ධයේ වීරයෙක්… මෑතකදී ඔහු ලොවම දන්න ටික්ටොක් තරුවක්.. ලොවක්...

එදා දෙවෙනි ලෝක යුද්ධයේ වීරයෙක්… මෑතකදී ඔහු ලොවම දන්න ටික්ටොක් තරුවක්.. ලොවක් ආදරේ කල පැපා ජේක් ජීවන අහසින් නික්ම යයි

0
66

 

මේ කියන්න හදන්නේ දුක හිතෙන ආරංචියක්…

දෙවන ලෝක යුද්ධයේ ප්‍රවීණයෙකු සහ TikTok සමාජ ජාලය තුළ ජනප්‍රිය වූ ‘පැපා ජේක්’ ලෙස හැඳින්වුණු ජේක් ලාර්සන් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ අය තහවුරු කර තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 102ක්.

ලාර්සන්, 1944දී නාසි ජර්මනියෙට එරෙහිව, උතුරු ප්‍රංශයේදී පැවති D-Day වෙරළ බැසීමේ මෙහෙයුමට සහභාගී වූ මිත්‍ර හමුදා සාමාජිකයෙක්.

ඔහු, Bulge සටනේදී ද එක්සත් ජනපද හමුදාව නියෝජනය කළ අතර, එවකට වයස අවුරුදු 19ක් වූ ඔහු උතුරු අයර්ලන්තයේ ලුර්ගන් නගරයේ ස්ථානගත වී සිට තිබෙනවා.

මෑත වසරවලදී ලාර්සන් TikTok හිදී “Storytime with Papa Jake” නමින් සිය ජීවිත කතා සහ යුද්ධයේ අත්දැකීම් බෙදා ගනිමින් විශාල පිරිසක් අතර ප්‍රියතමයෙකු බවට පත්වුණා.

ඔහුගේ ගිණුමට අනුගාමිකයින් මිලියන 1.2කට ආසන්නයි.

ඔහු මියයාමට සති තුනකට පෙර, D-Day 80 වැනි සංවත්සරය සමරමින් විදෙස් මාධ්‍ය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට එමී සම්මානයක් ද හිමි වී තිබෙනවා.

Previous articleඅපවත් වී වදාල සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි ගැන දැන් ඇසෙන කතාව..
Next articleඒ වෙනකොටත් ඇය සයමස් ගැබිණියක්… සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ අභිරහස් වියෝවට සැකපිට සැමියා අත්අඩංගුවට…
error: Content is protected !!
Verified by MonsterInsights