Home දේශිය පුවත් ‘අපි දෙන්නගෙ හදහන් පොඩ්ඩක්වත් ගැළපුණේ නැහැ” ”මට හිතෙන්නේ අපිට හමුවෙන්නේ කලින්ම දෛවයෙන්ම...

‘අපි දෙන්නගෙ හදහන් පොඩ්ඩක්වත් ගැළපුණේ නැහැ” ”මට හිතෙන්නේ අපිට හමුවෙන්නේ කලින්ම දෛවයෙන්ම අපිට ලියවුණ අයමයි ‘

0
104

 

රොෂාන් – රිද්මා කැදැල්ලට අවුරුදු 8ක්.

ඔවුන්ගේ කැදැල්ල හැඩ කරන පුංචි කුමාරයා තමයි රාහුල් පුතා.

රොෂාන් පිලපිටිය නිර්මාණ තුළින් රසිකයින්ට සමීප වෙනකොට, රිද්මා පිලපිටිය සමාජ මාධ්‍ය තුළින් රසික සමූහයාට සමීප වෙනවා.

ඒ නිසාම මේ දෙන්නම අතිශය ජනප්‍රිය යුවළක් කිව්වොත් හරි.

නිතර සමාජ මාධ්‍යයේ සක්‍රීය රිද්මා වටා, රොෂාන් පිලපිටියට ආදරේ කරන තරමටම රසික පිරිසක් ඉන්නවා.

ඒ ආදරණීය රසික සමූහයා එක්ක, ජීවිතේ ලස්සන මතක බෙදාගන්න ඇය, විවාහ සංවත්සරය ගැනත් මේ විදියට පුංචි සටහනක් බෙදාගෙන තිබුණා. ඒ, සොඳුරු සේයා රූ කිහිපයක් එක්කම….

”Happy Anniversary හුස්මටික
2017/12/10
අපි දෙන්නාගේ හදහන් පොඩ්ඩක්වත් ගැලපුනේ නැහැ
ඒත් මගේ හදහනේ තිබුනා ඒ වගේ කෙනෙක් ඒ කාලෙදි අනිවාර්යෙන් විවාහ වෙනවා කියලා , ඉතිං ඒක සිද්ධ වුනා
මට හිතෙන්නේ අපිට හමුවෙන්නේ කලින්ම දෛවයෙන්ම අපිට ලියවුන අයමයි
මේ ලෝකේ 100% එක වගේම හිතන එක වගේම ඉන්න මිනිස්සු නැහැ , ඒ නොගැලපීම් තමයි අපි එකින් එක ගලපන් මේ ගමන යන්න ඕන ”

#ChannelE

Previous articleඅනුරට අපහාස කළාම විතර ද රිදෙන්නේ… මයිනා කපුටා පුතාණෝ කියනකොට හොඳයි ද…- කුමාර තිරිමාදු
Next article“සුබ උපන්දිනයක් අම්මේ!” – මවගේ උපන්දිනය දා දසුන් එක්කළ ආදරණීය සටහන… – Photos
error: Content is protected !!
Verified by MonsterInsights