Home Uncategorized මේ සතිය නම් කලින්ම සැලසුම් කරගන්න. උදාවෙන හැම දවසක්ම ඔයාට තීරණාත්මක දවසක්...

මේ සතිය නම් කලින්ම සැලසුම් කරගන්න. උදාවෙන හැම දවසක්ම ඔයාට තීරණාත්මක දවසක් වේවි..!

0
83

 

අපේ ජීවිතේ හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නැහැනේද..?

ඒකට හේතුව මොකක්ද කියලා සමහරවිට ඔයාටත් හරියට හිතාගන්න බැරිව ඇති..

ඇතැම් ග්‍රහ බලපෑම් ඔබේ ජීවිතයේ විවිධ හැරවුම් ලක්ෂ තීරණය කරාවි.. මේ කියන්න යන්නේ ඔබට අතිශ්‍යය වැදගත් වන කතාවක්.. ඉතින් ඔබේ ජීවිතයේ ඉදිරි සතිය කොහොම නම් සැලසුම් කරගත යුතුද..? මේ කියන්නේ අන්න ඒ ගැනයි..

මේෂ
විසිතුරු දේට ඇලුම් කරයි
යොදාගත් සැලසුමක් සාර්ථක කරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නය අනුව සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවමතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නිතර විසිතුරු දේට ඇල්මක් දක්වන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ගේ දොර අලුත්වැඩියාවක් කෙරෙහි සිත යොමු කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. තනතුරු ස්ථිරවීම් බලාපොරොත්තුවන අයට සුබදායකයි. එමෙන්ම සුළු සුළු ලාබ ලැබෙන ස්වයං රැකියා මාර්ගවලටද යොමුවන කාලයකි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. විවිධ තරග විභාගවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකිය.

අය 07 වැය 05,

ජය අංකය – 04,

ජය වර්ණය – නිල්,

සුබ දවස – බදාදා

වෘෂභ
උගත්කමට සරිලන රැකියා
සහෝදර බැඳීම්වලට හේතු සැලසෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලුකාරී බවක් සමතයකට පත්වනු පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදවීමට ඉඩ ඇත. වෙනදාට වඩා පින්දහම් කටයුතුවලට යොමුවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. මෙතෙක් කරගෙන ගිය රැකියාවට අමතර රැකියා මාර්ගවලට හේතු සැලසෙන සතියකි. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට ප්‍රියතාවයක් දක්වයි. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

පපුව, පෙනහැල්ල ආශ්‍රිත හටගන්නා ආබාධයකින් පීඩා විඳින කාලයකි. එමෙන්ම නිතර නිතර හටගන්නා උගුර ආශ්‍රිත ආබාධයක් හේතුවෙන්ද පීඩාකාරී බවක් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කාලයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

අය 06 වැය 04,

ජය අංකය – 06,

ජය වර්ණය – කහ,

සුබ දවස – බ්‍රහස්පතින්දා

මිථුන
දරු ලාභ හිමිවේ
උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙනේ. විදෙස් ඥාතියකුගේ හමුවීමක් සිදු කරයි. පිනට දහමට ළැදි කාලයකි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන කාලයකි. සතිය මැද කාලයේ දී ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම ආයතන ප්‍රධානීන්ගේ හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු සැලසුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි. තරගකාරී කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. පොතපත කියවීමට ආශාවක් දක්වයි.

සෞඛ්‍යය

රුධිරගත සීනි මට්ටම කොලෙස්ටරෝල් වැනි අසනීප තත්ත්ව කෙරෙහි සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. හදිස්සියේ ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 04 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

කටක
රැකියාවට උනන්දුවේ
වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ප්‍රියමනාප ගතිපැවැතුම් ඇති කරන කාලයකි. වෙනදාට වඩාතම රූපය ගැන වෙහෙසෙන බවක් පෙනේ. හිතවත්කම් අලුත් කරන කාලයකි. නිතර කඩිසර බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු ඉතා උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන යන කාලයකි. ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අතමිට සරු කරන ස්වයං රැකියාවකට යොමුවීමට ඉඩ ඇති කාලයකි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය, ධාරණ ශක්තිය යහපත්ය. දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට උත්සාහ ගනී. ගණිත අංශයට තාක්ෂණික අංශය කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරයි. ගුප්ත ශාස්ත්‍රීය ඉගෙනීමට වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

ගර්භාෂගත රෝග, සෙම් අමාරු වරින් වර මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

අය 06 වැය 05,

ජය අංකය – 02,

ජය වර්ණය – දම්,

සුබ දවස – සිකුරාදා

සිංහ
හදිසි තීරණයකින් වාසි
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර මුදල් වැයවන කටයුතු කීපයක් යෙදේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. හදිසි තීරණයක් හේතුවෙන් වාසි කීපයක් අත් කරයි. පවුලේ සමඟියට හේතු සැලසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සැහැල්ලුවෙන් විනෝදයෙන් කරගෙන යන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවක් හෝ තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

උගුර සම්බන්ධ ආබාධයකින් පීඩා විඳින සතියකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න. හදිස්සියේ ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 08 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

කන්‍යා
අලුත් රැකියා ලාභ
වෙහෙසීම් බහුල කටයුතු කීපයක් යෙදේ. මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යයි. ප්‍රමාදවෙමින් පැවැති තීරණ කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. වාහන ගනුදෙනුවකට කටයුතු උදාවන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී අලුත් ඥාති හිතවත්කම්වලට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

නව දැනුම සොයා යන මාර්ගවල නිරතවෙයි. එමෙන්ම උසස් අධ්‍යාපන සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමේ මාර්ගවල නිරතවන කාලයකි.

සෞඛ්‍යය

කන්වල හෝ ඇස්වල රෝග පීඩා මතුවිය හැකි කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි. නිතර හටගන්නා නිදිමත ගතිය හේතුවෙන් ප්‍රතිකාර පතයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 06 වැය 03

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – සිකුරාදා

තුලා
ආර්ථික අපහසුතා මඟහැරේ
නිතර සමාජ සේවා කටයුතුවලට යොමුවන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ආර්ථික අපහසුතා කීපයක් මඟහරවා ගැනීමට හැකිවෙයි. පමාවී හෝ විවාහ යෝජනාවක් සාර්ථකවන බවක් පෙනේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. සමාජයේ කැපී පෙනෙන කාලයකි. වෙනදාට වඩා තම රූපාලංකාරය ගැන වෙහෙසෙන බවක් පෙනේ. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සැහැල්ලුවෙන් වගකීමෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. ස්වයං රැකියා මාර්ගවලටද යොමුවන කාලයකි.

අධ්‍යාපනය

තරමක බාධා යෙදුණත්, ඉගෙනීමේ කටයුතුවලට උනන්දුවක් දක්වයි. සහජ දක්ෂතා ඉස්මතුවන කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් කැපී පෙනෙයි. උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර ඇතිවන පාදයේ වළලුකර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර පතයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම්වන්න.

අය 06 වැය 05,

ජය අංකය – 07,

ජය වර්ණය – කොළ,

සුබ දවස – සිකුරාදා

වෘශ්චික
තනතුරු වෙනසකට සුබයි
වෙහෙසීම් බහුල කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගේ දොර දියුණුව පිළිබඳ වෙහෙසෙන සතියකි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි. විශේෂ හිතවත්කමකට කටයුතු සැලසේ. සමාජ ගෞරවයට පාත්‍රවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සතිය මැද කාලයේ දී දුර බැහැර ඥාතියකුගේ පැමිණීමක් සිදු කරයි.

රැකියාව

කරගෙන යන රැකියාවට අමතර රැකියා මාර්ගයකට යොමුවීමට ඉඩ ඇත. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. තනතුරු හා ස්ථාන වෙනස්කම් බලාපොරොත්තුවන අයට සුබදායකයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට ආශාවක් දක්වයි. වෛද්‍ය විද්‍යාව, ගණිත අංශය වැනි උසස් ඉගෙනීම් කටයුතුවලට යොමුවන කාලයකි. ඉගෙනීමේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

වරින් වර ඇතිවන උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන සතියකි. හදිසි වැටීම් තැලීම්වලටද ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කහ

සුබ දවස – ඉරිදා

ධනු
විවාහ ගිවිසුමක් සාර්ථකයි
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හදිසි ගමන් යෙදෙන සතියකි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ළඟින් ඇසුරු කළ හිතවතෙකුගේ දුරස්වීමක් සිදු කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විවාහ ගිවිස ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති වගකීමකින් නිදහස සැලසේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ කණ්ඩායම් වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය ධාරණ ශක්තිය යහපත් ය. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුª කීපයකට යොමුවෙයි. ගණිත අංශයට මෙන්ම සියුම් කටයුතුවලට දක්ෂතාවයක් දක්වයි. ගුප්ත කටයුතු කෙරෙහි ද වැඩි උනන්දුවක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ගර්භාෂගත ආබාධ, හිසේ අමාරු, වරින් වර මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 06 වැය 05,

ජය අංකය – 04,

ජය වර්ණය – තැඹිලි,

සුබ දවස – බ්‍රහස්පතින්දා

මකර
අමතර ලැබීම් හිමිකරයි
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පැවැති අවිවේකී බව මඟ හැරී යයි. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. එමෙන්ම අලුත් දැන හැදුනුම්කම්වලට ද යොමුවන කාලයකි. ආගමික වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. සතිය මැද කාලයේ දී අමතර ලැබීම් හිමිකරන කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් සිදුකරන රැකියා කටයුතුවලට යොමුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන අයට තරගකාරී කටයුතුවලට සම්බන්ධවිමට අවස්ථාව උදාකරයි. එමෙන්ම විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට යොමුවීමට සිදුවෙයි. වරින්වර ඇතිවන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

කුම්භ
කරදර බාධා මඟහැරේ
නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් විය යුතුයි. මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන කාලයකි. පැවැති කරදර බාධා කීපයක් මඟහැරී යයි. වෙනදාට වඩා පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ.පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

රැකියාව

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් රැකියාවේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇත. අලුත් රැකියා අපෙක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. තරග විභාගවලින් උසස් ප්‍රතිඵල බලාපොරොත්තුවිය හැකි කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. වෙනදාට වඩා ජල සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම යහපත් කරයි. උෂ්ණාධික රෝගයකින් පීඩා අත්කරන සතියකි.

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

මීන
ගමන් බිමන් අධිකයි
අලුත් බලාපොරොත්තු ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. අමතර වියදමක් ඇති කරන කටයුත්තකට අත ගැසීමට සිදුවන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලට යොමුවීමට ඉඩ ඇති කාලයකි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. පරම්පරාගත රැකියාවකට ද අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. දැනුම, බුද්ධිය, වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට පෙළැඹෙන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්වේ. එමෙන්ම නින්දට බාධාවන අන්දමේ ඇතිවන සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – රතු

සුබ දවස – ඉරිදා

සුබසෙත පුවත්පත ඇසුරෙන්..
by TaboolaSponsored Links
You May Like

Previous articleඅධ්‍යාපනය කියන්නේ අත්තටු..! ඇයට මොන තරම් සතුටක් ඇතිද ? නිදහස් අධ්‍යාපනයෙන් ලොවක් දිනන්නට මග විවර කරගත් විදුනිගේ කතාව මෙන්න
Next articleබිත්තිවල චිත්‍ර අඳින්න දරුවන්ට ඉඩ දෙන්න ඕනද..? මේ වයසේ දරුවන් ඉන්න මව්පියන් මේ ලිපිය අනිවාර්යයෙන්ම බලන්න..
error: Content is protected !!
Verified by MonsterInsights