Home Uncategorized ගෙදර ප්‍රශ්නද.? රණ්ඩු සරුවල්ද.? -මෙන්න මේ කෙම් ක්‍රමය අත් හදා බලන්න.

ගෙදර ප්‍රශ්නද.? රණ්ඩු සරුවල්ද.? -මෙන්න මේ කෙම් ක්‍රමය අත් හදා බලන්න.

0
2612

ගෙදර ප්‍රශ්නද.? රණ්ඩු සරුවල්ද.? -මෙන්න මේ කෙම් ක්‍රමය අත් හදා බලන්න

මේක පොඩි කෙමක් , විශ්වාස කරන හෝ නොකරන එක ඔබේ වැඩක්. මේක මට කියා දුන්නෙ වයසක ආච්චි කෙනෙක්.එයා මේ වෙද්දි ජීවතුන් අතර නෑ. ඒ ආච්චි දැන් ජීවතුන් අතර උන්නා නම් ඇයට වයස අවු.110 වගේ වෙනවා.

ගෙදරක කරගෙන යන වැඩපිළිවෙළ එක පාරට අවුල් වෙනවා වගේ අපිට දැනෙන වෙලාවල් එනවා…මුදල් හිරවෙනවා.ලෙඩ රෝග ඉවරයක් නෑ.රණ්ඩුසරුවල් ඉවරයක් නෑ.මානසික පීඩන ඉවරයක් නෑ.ඒ වගේ වෙලාවක මේ වගේ කෙම් ක්‍රම අතීත මිනිස්සු භාවිතා කර බව තමා ඒ ආච්චි මට කිව්වෙ.මමත් මේ වැඩේ කරනවා සමහර මට ප්‍රශ්න එන වෙලේට.

මේකෙන් වෙන්නෙ පවුලේ අයගෙ ඇස් වහ පිච්චීමක්.

අලුත්ම මැටි පහනක් ගන්න.මැටි පහන අතට ගත් වෙලාවෙ පටන් මේ වැඩේ අවසන් වෙනතුරු කිසි කෙනෙක් සමඟ කතා කරන්න බෑ.

මැටි පහනට පහන් වැටියක් දාගන්න.පස්සෙ ගම්මිරිස් ඇට හතක් දාන්න.පස්සෙ පොල්තෙල් දාන්න.ඊලඟට ඔබේ නිවසෙ ඇතුළු පැත්තෙන්, ගෙදර ප්‍රධාන උළුවස්ස සහිත දොර මුල්ලෙ මේ පහන දල්වලා ඉවර වෙලා ඔබට කතා කරන්න පුළුවන් .හැබැයි , ඔබ කියන්න ඕනෙ මගේ ගෙදර අයට යහපතක් වේවා කියලා.ඉන්පසුයි පවුලෙ අය සමඟ කතා කරන්නෙ.

දවස් 21 ක් ඔබ මේ විදියට දිනපතා පහනක් දැල්වීම කරනවා නම් සුභයි.

කැමති කෙනෙක් කරලා බලන්න.

පවුලෙ හැමෝම එකාමෙන් එකට ධර්මය රකිනවා නම් මේ වගේ කෙම් ක්‍රම අවශ්‍ය වෙන් නෑ.එහෙම නැති පවුල් වල අයට තමයි මේ පෝස්ට් එක අදාළ වෙන්නෙ.

✍️ Nishani Bulathsinghala

Previous article“පෙර සංසාරෙ මහා ගොඩාක් පිං කළ ගැහැනියක්.. ඒ පිං බලෙන් මහා පුදුමාකර ලස්සනක් ඇයට ලැබිල තියනවා..” ඇයගේ මේ නිහතමානී සුබපැතුම කා වෙනුවෙන්ද..?
Next article“ඒක ඇත්තටම වචනවලින් විස්තර කරන්න පුළුවන් වේදනාවක් නෙවෙයි.. මගේ ජීවිත කාලය තුළ මං අත්වින්ද බරපතලම භයානකම වේදනාව ඒක..” ඇස් අදහාගන්න බැරි සිද්ධියක් ගැන සුලෝචනා කියූ ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights