Home දේශිය පුවත් මහාචාර්ය අශෝක දංගල්ල මහතාද පැමිණි හස්තියා නිරීක්ෂණය කරයි. භාතිය ඇතු ගැන ඇසෙන...

මහාචාර්ය අශෝක දංගල්ල මහතාද පැමිණි හස්තියා නිරීක්ෂණය කරයි. භාතිය ඇතු ගැන ඇසෙන අලුත්ම ආරංචිය

0
84

භාතියගේ අද තත්වය (2025/07/10)

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායම අද පස්වන දිනටත් භාතිය හස්තියාට ප්‍රතිකාර සිදු කලා.මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැමිණ හස්තියා නිරීක්ෂණය කිරීම සිදු කලේ දෙවැනි දිනටයි.තවත් ඖෂධ වර්ග කීපයක් හස්තියාට ලබා දෙන ලෙසයි මහාචාර්ය දංගොල්ල මහතා පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතාට දැනුම් දුන්නෙ.එක් පාදයක සිලම්බු අඩිය ගැලවී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීම ද අද ආරම්භ වුනා.එයද සැලකිල්ලට ගෙන කැල්සියම් ප්‍රමාණයක් ලබා දීමටයි තීරණය කෙරුණේ.තුවාල කිහිපයක් ශරීරයේ පවතින නිසා ප්‍රතිජීවක ඖෂධ දිගටම ලබා දීමටද තීරණය කෙරුණා.මේ වන විට පැන නැගී ඇති ප්‍රධාන ගැටලුව හස්තියා එකම ඇලයකට නිදා සිටීමයි.හස්තියා අනෙක් ඇලයට මාරු කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.ඒ සඳහා ක්‍රමවේද කිහිපයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතිනවා.දහවල් කාලයේ හස්තියා බැලීමට විවිධ පිරිස් පැමිණිම හස්තියාගේ නින්දට බාධාවක් විය හැකි බවද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නෙ.හස්තියාගේ ප්‍රතිකාර කටයුතු ඉදිරියේදී ත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතයි.

අසංක නිලගරත්න.

#RupavahiniNews

Previous articleතිසරගේ කලින් වයිෆ්, තිසරගේ දැන් වයිෆ්ගේ කලින් නැන්දම්මාගේ ගෙදරට ගිය ගමන.
Next articleරටක් ආදරේ කරන ඉෂාක් වෙනුවෙන් අපේ පොලිස් නිල දරුවන් කල උතුම් පරිත්‍යාගයක් ගැන අද ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights