හෘදය ආරක්ෂා කරන කොලෙස්ටරෝල් නැති කරන තුවාල සුව කරන උණ නැති කරන ලොව ලොකුම ලෙඩේටත් සුපිරිම මුරුංගා ගැන ඇති විශ්මිත ගුණ මෙන්න

හෘදය ආරක්ෂා කරන කොලෙස්ටරෝල් නැති කරන තුවාල සුව කරන උණ නැති කරන ලොව ලොකුම ලෙඩේටත් සුපිරිම මුරුංගා ගැන ඇති විශ්මිත ගුණ මෙන්න

ඔබ දැන සිටියාද?
අප්‍රිකාවේ මන්දපෝෂණය තුරන් වී යෑමට හේතුව?
අප්‍රිකානු මහද්වීපයේ විශාල වනස්පතීන් ලෙස වැඩෙන මෙම ශාකයේ ගුණ ඔවුන් හදුනාගනු ලබන්නේ වසර 2000න් මෙපිට ගෙවුනු දශක දෙකකට ආසන්න කාලය තුලයි. කොටින්ම ඔවුන් තුන් වේලටම කෑවෙ මේවයේ කොල,පොතු,මල්,කරල්, ඇත්තටම එය ඔවුන්ගේ සියලු පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර අද වනවිට මන්දපෝෂණය ජයගෙන ඇත්තේ මේ “ජීවයේ ශාකය” ලෙස විරුදය ලත් අප නම් ගණනකට වත් ගන්නේ නැති “මුරංගා” වලට පින් සිදුවන්නට බව ඔබ දන්නාවද?
දුෂ්කර පාසල් වල සිසු දරුවන්ට දිනපතා ලබාදෙන කෑමවේලට අනිවාර්ය අංගයක් ලෙස මුරුංගා කොල නිර්දේශ කර තිබෙන්නේ මේ නිසයි. මෙහි ගුණ හදුනන යුරෝපීයන් මුරුංගා කොල වියලා කුඩු ලෙස සකසා ඔවුන්ගේ කෑම වලට පාන වලට යොදනවා.

මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත.

මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% – 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆි‍ෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.

එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.

මුරුංගාවල ඇති ගුණ

පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට හැකියාව ඇත.

බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.

හෘදය වස්තුව ආරක්ෂා කරයි.

කොලෙස්ටරෝල් පාලනය කරයි.

උණ අඩු කරයි.

තුවාල සනීප කරයි.

වලිප්පුව වළක්වයි.

අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.

මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.

විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.

මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩිය.

මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඇත.

ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව පවතී.

මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට මනා ඖෂධයකි.

මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත.

මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.

මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.

මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.(fatty liver)

මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.

මුරුංගා පොතුවල ඇස් රෝග සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.

මුරුංගා කරල් ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7

ප්‍රෝටීන් ග්‍රෑම් 2.5

විටමින් A මයික්‍රොග්‍රෑම් 1100

විටමින් B1, මිලිග්‍රෑම් 0.05, B2 මිලිග්‍රෑම් 0.06, B3 – 0.2

විටමින් C මිලිග්‍රෑම් 120

කැල්සියම් මිලිග්‍රෑම් 30

මැග්නීසියම් මිලිග්‍රෑම් 24

පොටෑසියම් මිලිග්‍රෑම් 259

යකඩ මිලිග්‍රෑම් 5.3

මුරුංගා අමු පත්‍ර ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13

ප්‍රෝටීන් ග්‍රෑම් 6.7

විටමින් A මයික්‍රොග්‍රෑම් 6800

විටමින් C මිලිග්‍රෑම් 220

විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B2 මිලි

ග්‍රෑම් 0.05, විටමින් B3 මිලිග්‍රෑම් 0.8

කැල්සිම් මිලිග්‍රෑම් 440

මැග්නීසියම් මිලිග්‍රෑම් 24

පොටෑසියම් මිලිග්‍රෑම් 259

යකඩ මිලිග්‍රෑම් 7

විටමින් E මිලිග්‍රෑම් 448

මුරුංගා වියළි පත්‍ර පවුඩර් ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38

විටමින් C මිලිග්‍රෑම් 17.3

ප්‍රෝටීන් ග්‍රෑම් 27

කැල්සියම් මිලිග්‍රෑම් 2003

විටමින් A මයි‍ක්‍රොග්‍රෑම් 16,000

මැග්නීසියම් මිලිග්‍රෑම් 368

විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2

පොටෑසියම් මිලිග්‍රෑම් 1324

යකඩ මිලිග්‍රෑම් 28

විටමින් E මිලිග්‍රෑම් 113

මුරුංගාවල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම්වල මෙන් 4 – 5 ගුණයකි. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණකි. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 3 ගුණයකි. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 – 3 ගුණයකට වඩා ඉහළය.

මේ අනුව මුරුංග‍ා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය. සාමාන්‍යයෙන් ඉස්සන් කකුළුවන් පිස ගැනීමේදී මුරුංගා කොළ ඊට එක් කිරීම ගෘහණියන්ගේ සිරිතකි.

ඊට හේතුව, ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතු වීමයි. මුරුංගා කොළ, කරල් පමණක් නොව ගසේ පොතු ද ඖෂධීය ගුණයෙන් ඉහළය. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුරුංගා පොතු යොදා ගන්නේ එබැවිනි. මුරුංගා පත්‍ර වියළවා කුඩු කර පාවිච්චියට ගැනීම අපේ රටේ දක්නට නොලැබුණ ද ඉන්දියාවේ මුරුංගා කොළ පිටි කර පාවිච්චියට ගනු ලැබේ.

ආහාරවල සියලුම ගුණ මෙන් ම ඖෂධීය ගුණ අඩංගු මුරුංගා කොළ සොබා දහමේ අපූරුතම නිර්මාණයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

ඔබත් ගෙවත්තේ කිසිදු මහන්සියකින් තොරව වගා කරගත හැකි මේ පෝෂණීය මුරුංගා ගසක් වවාගන්න.

Uncategorized