මොරොක්කෝවේදී බෙල්ලේ සිට මීටරයක් දිග උල් එළියට ඇදී තිබුණු අමුතු සන්නාහ සන්නද්ධ ඩයිනෝසරයකු විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
ස්පිකොමෙලස් ඇෆර්’ ලෙස හඳුන්වන මෙම විශේෂය වසර මිලියන 165 කට පමණ පෙර ජීවත් වූ ‘ ඇන්කිලෝසෝරයන් ‘ ලෙස හඳුන්වන සන්නාහ සන්නද්ධ ඩයිනෝන්සර් කණ්ඩායමක පැරණිතම සාමාජිකයන් ලෙස සොයාගෙන ඇත.
මෙම සත්වයාගේ විස්තීරණ සංකීර්ණ බව හා තියුණු බව විද්‍යාඥයන් කම්පනයට ලක් කළ අතර මෙම සන්නද්ධ ඩයිනෝසරයන් පරිණාමය වූ ආකාරය ගැන ඔවුන්ට නැවත නැවතත් සිතා බැලීමට සිදුව තිබේ.
මෙම සතුන් පෘථිවියේ ඩයිනෝසරයන් සිටි කාලය වන ක්‍රිටේසියස් ලෙස හැඳින්වෙන කාලය දක්වා දිව යන අතර ඒ මීට වසර මිලියන 165 ත් 66 ත් අතර කාලයකට පෙර ය.
මෙම කාල පරිච්ඡේදය අවසානයේ ටී රෙක්ස් වැනි විශාල මාංශ භක්ෂක විලෝපිකයන්ගේ මතුවීම දක්නට ලැබුණු අතර ඇන්කිලෝසෝරෝයන් නැමැති මෙම විශේෂයන් තමන්ගේ ශරීරය තුළ ඇති මෙවැනි සන්නාහ තහඩු නිසා එකී මෘග ඩයිනෝසරයන්ගෙන් ආරක්ෂාවීම හැකි වී තිබුණි.
මෙම සොයාගත් ඇටසැකිලි වලින් මෙකී සත්වයාගේ ප්‍රමාණය පිළිබඳව සහතික කිරීමට ප්‍රමාණවත් තරමේ සාක්ෂි නොවූ නමුත් මීටර් හතරක් පමණ දිග සහ මීටරයක් පමණ උසින් යුක්ත මෙන්ම ටොන් දෙකක පමණ බරින් යුක්ත වන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.
මොවුන් මුල් ඩයිනෝසර යුගයේදී එනම් ජුරාසික යුගයේදී ඇතිවූ බවටද සැක පල කරයි. කෙසේ වෙතත් මෙම සොයාගැනීම මුල් වලට කරන ලද්දේ මොරොක්කෝවේ බූල්මේන් නගරයේ ප්‍රාදේශීය ගොවියෙකු විසිනි. විශේෂයෙන් මෙම සොයාගැනීමෙහි විශේෂත්වය වන්නේ අප්‍රිකානු මහද්වීපයෙන් හමුවූ පළමු ඇන්කිලෝසෝරෝයන් වර්ගය වීමයි.
කෙසේ නමුත් අනාගතය තුළ මෙවැනි වැළලී ගිය අතීතයක තවත් සුන්බුන් හමුවිය හැකි අතර සහ අලුතින් පොත් අතරට එකතු වන්නට ඉතිහාසයේ නව සොයා ගැනීම් වලට හැකි වනු ඇත.