Home තරු ගොසිප් එදා මේ ආදරෙන් ලොකයක් ආදරේ කර ඉෂී අම්මාට සුභ පතන්න රූහී ඇවිත්..බලන්නකෝ...

එදා මේ ආදරෙන් ලොකයක් ආදරේ කර ඉෂී අම්මාට සුභ පතන්න රූහී ඇවිත්..බලන්නකෝ ඒ ආදරේ තාමත් එහෙමද කියලා..

0
75

| ‘ඉෂී අම්මාට’ සුබපතන්න ‘රූහි’ ඇවිත් |

‘ඉෂී අම්මා’ එහෙමත් නැත්නම් දිව්‍යංකා ත්‍රීපති, මව්පදවියට සැරසෙන බව ඔබ දන්නවනෙ.

මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ඒ ගැන විවිධාකාර සටහන්, ඡායාරූප සහ වීඩියෝපට දැකගන්න ලැබෙනවා.

ඒ අතර හරි අපූරු ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා.

‘රූහි’ එහෙමත් නැත්නම් ‘රුහානිකා ධවාන්’ (Ruhaanika Dhawan), එයාගෙ ‘ඉෂීමා ට’ සුබපතන්න ඇවිත් තිබුණා.

ඒ, දිව්‍යංකාගේ ‘Baby Shower’ එකට.

ඊයේ (අප්‍රේල් 5) පැවති මේ අවස්ථාවට, කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගීව සිටියා.

ඔවුන් අතර විශේෂයි රුහානිකා ධවාන්.

ඒ විශේෂත්වය ගැන ‘රූහි’ ආදරණීය සටහනකුත් තබා තිබුණා,

“මව්වරුන් කියන්නේ ජීවිතයේ වැදගත්ම කොටස කියලා කියනවා.
මට මව්වරුන් දෙන්නෙක් ලැබෙන තරමට ම මම වාසනාවන්ත වුණා.
අද දවස හරිම විශේෂයි.
තිරයේ මගේ ‘ඉෂීමා’ වූ ඇය සැබෑ ජීවිතයේදී මව් පදවියට පියවර තබන අයුරු දැකීම ඇත්තටම සතුටක්.
අපි මුලින්ම මුණගැසුණු දා සිටම ඔබ මට මවක් වගේ.”

#ChannelE

Previous articleදක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්: ජීවිත බේරා ගැනීමට වෛද්‍ය යුවළක්..
error: Content is protected !!
Verified by MonsterInsights