එදා ඉෂාදිට දැනුන ඒ සතුටම අද සබීනාටත් දැනෙනවා ඇති.. Mrs. World තරගාවලියේදී ඔවුන් දෙදෙනාට අමතක නොවන සුන්දර මතකයක්..

0
854

ජාත්‍යන්තර රූ රැජින වේදිකාව තුළ ශ්‍රී ලාංකීය රූ රැජිනියන් මේ වන විට සුවිශේෂී කතාබහකට ලක්ව ඇත්තේ ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණ නිසාම පමණක් නොවේ.

පසුගිය වසර දෙකක කාලය තුළ ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රූ රැජිනියන්ගේ නවාතැන් සගයන් (Roommates) පිට පිටම ලෝක කිරුළ දිනා ගැනීම දැන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කර කතාවක් වෙලා..

ඊයේ (ජනවාරි 29) ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසුෆ් 2nd Runner-up දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කළා.

එහිදී මෙවර ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳුවේ තායිලන්තයේ චනිතා සීඩකෙට් ක්‍රේතෝන්. විශේෂත්වය වන්නේ තරගාවලිය පුරා සබීනා යූසුෆ්ගේ නවාතැන් සගයා ලෙස ඇය සිටීමයි.

මෙම වාසනාවන්ත කතාව ආරම්භ වූයේ පසුගිය වසරේදීයි. 2024 (2025 ජනවාරි පැවති) තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා ප්‍රථම අනුශූරතාව (1st Runner-up) දිනාගත් අතර, ඇය සමඟ එකම කාමරයේ නවාතැන් ගෙන සිටි දකුණු අප්‍රිකාවේ ට්ෂේගෝ ගැලායි එවර ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත්වුණා.

පිට පිටම වසර දෙකක් ශ්‍රී ලාංකීය රූ රැජිනියන්ගේ roommates ලෝක කිරුළ දිනා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකාව ලෝක රූ රැජින වේදිකාවේ “Lucky Charm” එකක් බවට පත්ව ඇති බවට විදෙස් විචාරකයින් පවා පවසන්නේ.

Previous articleඒ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ.. ආදරණීය ඇය වෙනුවෙන් ඉසුරුගෙන් සුබපැතුමක්..
Next articleරන්මිලේ නොසිතූ පෙරළියක්.. අඩුවුණු පවුමක නව මිල මෙන්න..