Home සයුරෙන් එහා පුවත් ඇගේ ගමනට ආගමෙන් ආ බාධාවන් ජයගෙන රන් පදක්කම් 3ක් සමගින්...

ඇගේ ගමනට ආගමෙන් ආ බාධාවන් ජයගෙන රන් පදක්කම් 3ක් සමගින් ශ්‍රී ලංකාව රනින් බබලවපු සෆියා යාමික්..

0
91

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සෆියා යාමික් සමත් විය.

ඇය ත්ත්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

එහිදී ඇය බිඳ හෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර එනම් 1998 වසරේ දී ඉන්දියාවේ P.T ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාවයි.

එමෙනම ඇය දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙමින් මීටර් 100 කාන්තා රන් පදක්කමත්, මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් මීට පෙර දිනාගෙන තිබුණි.

මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගනිමින් ඇය වාර්තා කළ කාලය තත්ත්පර 11.53කි.

කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්ත්පර 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තාය.

ඒ අනුව මෙම ශූරතාවලියේදී ත්‍රිත්ව රන් පදක්කම් දිනා ගැනීමට සෆියා යාමික් සමත් විය.

Previous articleතමන්ගේ ලමයාගේ හදවත් සැත්කමට සල්ලි හොයන්න තමන්ගේ ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරපු අම්මා
Next articleතරබාරුව මට්ටු කරන්නත් ඇඟ ලස්සනට පාටට තියා ගන්නත් ඉතා ගුණදායක කැඳක් …
error: Content is protected !!
Verified by MonsterInsights