Home සයුරෙන් එහා පුවත් රටම බලා සිටි ශාරුක් ඛාන් ලංකාවට එන්නේ නැද්ද ? හේතුව මෙන්න

රටම බලා සිටි ශාරුක් ඛාන් ලංකාවට එන්නේ නැද්ද ? හේතුව මෙන්න

0
40

 

සුපිරි තරුව ශාරුක්ට ආදරේ කරන රසික රසිකාවියන් හුඟාක් අපේ රටේ ඉන්නවානේ… මේ කියන්න හදන පුවත එයාලට නම් හුඟාක් දුක හිතෙන පුවතක් වේවී..

එළඹෙන අගෝස්තු 2වනදා විවෘත වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් තරු හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට බොලිවුඩ් රජු ශාරුක් ඛාන් නොපැමිණෙන බව සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවේදනය කරනවා.

සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් ඔවුන් මේ බව සනාථ කරනවා.

සුපිරි නළු ශාරුක් ඛාන් මීට පෙර අදාල උත්සවයට පැමිණීමට නියමිත බව ප්‍රකාශ කළත් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම උත්සවයට සහභාගී නොවන බව දැනුම් දී ඇති බවයි එම ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ.

අප කළ විමසුමකදී සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයෙන් මේ බව තහවුරු කළා.

Previous article“තව තව ලේ කෝප කරන් කමන්ට් දාලා, ඔයැයිලගේ ආතල් එක ගන්න.. ඔයාලටත් අපි වගේම සතුටින් ඉන්න ලැබේවා..!” දරුවන්ගේ සතුට ගැන විතරක් හිතන ඇ‍ය කී සැර කතාව මෙන්න.
Next articleසුරූපී දේශානිව ආදරයෙන් තුරුල් කරගෙන ඉසුරු හදවතින්ම කිව්ව කතාව මෙන්න …
error: Content is protected !!
Verified by MonsterInsights