Home දේශිය පුවත් ඇය දියණියක් වෙනුවෙන් කැපවෙන අම්මා කෙනෙක් ! සැබෑ ජීවිතයට වඩාත් සමීප වූ...

ඇය දියණියක් වෙනුවෙන් කැපවෙන අම්මා කෙනෙක් ! සැබෑ ජීවිතයට වඩාත් සමීප වූ ඒ චරිතය ගැන ශිරෝෂී ආදරයෙන් කී කතාව මෙන්න

0
102

 

ඇය නර්තනයේ හැඩකාරියක්.. ඇය කාගේත් නෙත් වසඟයට ගන්නා තැනැත්තියක්..

නර්තනය වගේම රංගනය ඇගේ ජීවිතයේම එක කොටසක් වෙලා..

කාගේත් ආදරය දිනාගත් ඇය කවුද..? ශිරෝෂි රොමේෂිකා.. මේ කියන්නේ අන්න ඇය ගැනයි.. අම්මා කෙනෙක්ගේ භූමිකාව ශිරෝෂිට ගොඩක් සමීප වූවක්.. ඉතින් ඒ චරිතයම පුංචි තිරයේ ඇයට සමීප වුණු අවස්ථාවක් තමයි මේ..

මේ දවස්වල අති සාර්ථකව ප්‍රචාරය වන නිර්මාණයක් තම‍යි රොන් සොයා කියන්නේ.. රොන් සොයා හි ප්‍රධාන චරිතක් තමයි සීනි බෝලේ කියන්නේ.. සීනි බෝලේගේ චරිතයට එහෙම නැත්නම් කවීර්ණාගේ රංගනය තව තවත් ආලෝකමත් කරන්න ඇය එක හේතුවක් වුණා…

කාගේත් ආදරය දිනාගත් අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ශිරෝෂි ඇගේ ඒ අත්දැකීම ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

ඔව් “රොන් සොයා” ටෙලි නාට්‍යයේ එන සීනි බෝලෙගේ අම්මා තමයි මම, ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා මේ දිනවල.. ඉතින් මගේ දුවට ඉන්නේ කවීර්ණා… ඇය අලුතින් මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ළමයෙක්..

මේ වන විට ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා ඇයට ආදරේ කරන්න පටන් අරන් තියෙනවා.. නිවන්ත ප්‍රසාද්, හොඳ තීරණයක් අරන් තියෙනවා ඒ චරිතය තෝරා ගැනීමේ දී.. ඉතින් මට සීනී බෝලෙගේ අම්මගේ චරිතය හිමිවීම පිළිබඳ මම සතුටු වෙනවා, වෙලාවට හොඳ කියනවා සමහර වෙලාවට බනිනවා.. කතාව තුළ වුවත් දියණියක් වෙනුවෙන් කැප වෙන අම්මා කෙනෙක්ගේ චර්තය හරි අපූර්ව ලෙස රචනා කරලා තියෙනවා..

කෙසේ නමුත් හො ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා චර්තය ඔස්සේ.. ඇත්තටම කියන්න ඕන රොන් සොයා ටෙලි නාට්‍ය වෙනුවෙන් ඉන්න අපේ සමස්ත Crew එකම ගැන.. හ‍රිම සහයෝගයෙන් ලස්සනට මේ නිර්මාණය ප්‍රේක්ෂකයාගේ රසවින්දනය උදෙසා තිළිණ කරනවා..

විශේෂයෙන්ම නිවන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණයක් සේම හොඳ තිර පිටපතක් ඇතිව නිර්මාණය වූ ටෙලි නාට්‍යක් ලෙස රොන් සොයා ටෙලි නාට්‍ය හදුන්වා දෙන්න පුළුවන්.. ඒ වගේම මාව මේ ටෙලි නාට්‍යයට මේ චරිතයට එක් කර ගත් නිවන්ත ප්‍රසාර අපේ අධ්‍යක්‍ෂකතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ..

Previous articleතිසර – නිෂී පවුලට එකතු වුනු පුංචි පැන්ඩා පැටියට එදා නම් සුවිශේෂී දිනයක්..!
Next articleමේ ගැන දන්නවා නම් බිරිදෑවරු ඔයාලට හොය හොයා මේවා කන්න දෙයි… මේ දවස්වල ජාතික ආහාරය දූරියන් ගැන ඔබ නොදත් කතාවක් !
error: Content is protected !!
Verified by MonsterInsights