ඉන්දියාවේ කාන්තාවකගේ සිරුරකින් ලොව ප්‍රථමවරට දුර්ලභ රුධිර කාණ්ඩයක් සොයා ගැනීමට වෛද්‍යවරු සමත් වී තිබෙනවා…
ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම CRIB නම් අතිශය දුර්ලභ මිනිස් රුධිර කාණ්ඩය සොයාගෙන තිබෙනවා..
වෙනත් කිසිදු රුධිර කාණ්ඩයකට නොගැලපෙන රුධිර වර්ගයක් ඇති බැංගලෝර්හි 38 හැවිරිදි කාන්තාවක් වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව මෙම නව සොයාගැනීම සිදු කර තිබෙන්නේ..
CRIB ලෙස නම් කර ඇති මෙම වර්ගයේ රුධිර කාණ්ඩය ඇති ලොව එකම පුද්ගලයා ඇය බවටයි මේ වනවිට තහවුරු වී ඇත්තේ…
මෙම දුර්ලභ රුධිර වර්ගය හදිසි ප්‍රතිකාර, මෙන්ම ගෝලීය රුධිර පරිත්‍යාග පද්ධති වැඩිදියුණු කිරීමට හේතුවිය හැකි බවට විශ්වාසය පළ කරනවා…
සාමාන්‍යයෙන් රතු රුධිරාණුවල ඇති පොදු ප්‍රතිදේහජනක මෙහි නොමැති අතර එම රුධිර කාණ්ඩය සඳහා ගැළපෙන පරිත්‍යාගශීලියෙකු සොයාගැනීමටද නොහැකි බව වාර්තා වනවා









