Home දේශිය පුවත් ට්‍රැවල් කරන්න ගොඩක් ආස ඇය ඒ හීනය ළඟ නතර වෙලාද..? කවුරුත් ආදරය...

ට්‍රැවල් කරන්න ගොඩක් ආස ඇය ඒ හීනය ළඟ නතර වෙලාද..? කවුරුත් ආදරය කරන සුරූපී ඉෂංකා කියූ කතාව මෙන්න

0
73

 

කවුද මේ සුරූපිනිය, ඇය නමින් ඉෂංකා ජාන්වි.. ලංකාවේ කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනිය ඇගේ හීන වෙනුවෙන් ගොඩක් මහන්සි වුණු කෙනෙක්..

ඒත් එක්කම අද ඇය ඇගේ හීන ගොඩක් සැබෑවක් කරගෙන.. රංගනයට අමතරව ඇය ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කරනවා.. අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් මේ දවස්වල තිරගතවන ජනප්‍රිය චිත්‍රපටයකත් ඇය රංගනයෙන් එක්වෙනවා.. මෙන්න බලන්නකෝ ඉතින් ඉෂංකා ඇගේ ආසාවන් , හීන ගැන අද වෙනකොට කියලා තිබුණ කතාව..

ඉෂංකා ගුවන් සේවිකාවක් කියලත් ආරංචියි?

ඔව්. මම රංගනයට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනු ලබනවා.

Travel කරන්න ආසයිද?

ඔව්. මම පුංචි කාලේ ඉඳලා ට්‍රැවල් කරන්න ගොඩක් ආස කෙනෙක්. පොඩි කාලේ ඉඳලා ගුවන් සේවිකාවක් වෙන්න හීන මවපු ළමයෙක්. ට්‍රැවල් කරන්න ආසා නිසා තමයි ගොඩක්ම ගුවන් සේවිකාවක් වෙන්න ආශා කළේ.

මේ වෙනකොට ලෝකෙ රටවල් කීයකට ගිහින් තියෙනවාද?

මේ වෙනකොට මම රටවල් තිහකට විතර ගිහින් තියෙනවා.

පවුලේ විස්තර එහෙම?

අම්මයි තාත්තයි මල්ලියි. මගේ අම්මයි තාත්තයි දෙන්නම විශ්‍රාමික පොලිස් නිලධාරීන්. මල්ලි ඇමෙරිකානු තොරතුරු තාක්ෂණික ආයතනයක සේවය කරනවා. ඔහුත් රංගනයට සම්බන්ධයි.

පුංචි කාලේ ඉඳන් හීන දැක්කෙ කවුරු වෙන්නද?

පුංචි කාලේ ඉඳලා හීන දැක්කේ හරිම නිදහසේ ජීවත් වෙන්න. ඉතිං මම හරි ආසයි ට්‍රැවල් කරන්න. උසස් පෙළ කරන කාලේ ඉඳලා තමයි ආසා කළේ ගුවන් සේවිකාවක් වෙන්න. මට හිතුණා ගුවන් සේවිකාවක් වුණොත් මගේ අරමුණු හීනවලට ඉක්මනටම යන්න පුළුවන් කියලා. මම පාසල් යන කාලේ ඉඳලා වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියැළී සිටිනවා. දැන් වෙනකොට මම පුංචි කාලේ ඉඳලා දැකපු හැම හීනයක්ම සැබෑවෙලා තියෙනවා. මට තව පොඩි අරමුණු ටිකක් විතරයි මගේ ජීවිතයේ තියෙන්නේ. මම ඇත්තටම හීන දැකපු හැම දෙයක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ගැන ආඩම්බරයි.

Previous articleතරුණ පෙනුම රැකගන්න කැමතිද ? මෙහෙම කලොත් හැමදාම තරුණයි !
Next articleබලන්නකෝ ඒ බැදීම… එයාලා දවසින් දවස හරිම ශක්තිමත්… මොන බාධක ආවත් ඒ පවුල ආයෙත් සතුටින්…
error: Content is protected !!
Verified by MonsterInsights