Home සයුරෙන් එහා පුවත් ඊශ්‍රායලයේ මිසයිල ප්‍රහා*රයකින් ඇයද ජීවන අහසින් බැසගොස් ඇත.

ඊශ්‍රායලයේ මිසයිල ප්‍රහා*රයකින් ඇයද ජීවන අහසින් බැසගොස් ඇත.

0
63

 

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මියගිය සිවිල් වැසියන් අතර ඉරාන කිවිඳියක වන පර්නියා අබ්බාසි ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

23 හැවිරිදි කිවිඳියක් සහ ඉංග්‍රීසි උපාධිධාරිනියක් වන පර්නියා අබ්බාසි, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ ඔවුන්ගේ මහල් නිවාස ගොඩනැගිල්ලට ඊශ්‍රායල මිසයිලයක් වැදීමෙන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්බව සදහන්.

ඇගේ දෙමාපියන් සහ බාල සහෝදරයා ද මිය ගිය පිරිස් අතර සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් සහ ද වොෂින්ටන් පෝස්ට් වාර්තා කරනවා.

අබ්බාසි පවුල මීට මාස හයකට පෙර සත්තාර්කාන් වීදියේ ඕර්කිඩේ සංකීර්ණයේ නිදන කාමර තුනකින් යුත් නව මහල් නිවාසයකට ගොස් තිබුණා.

පර්නියා අබ්බාසි ලබන සතියේ 24 වන වියට පා තැබීමට නියමිතව සිටි බවද සදහන්.

ඈ විසින් ලියන ලද නිසදැසක ඉංග්‍රීසි පරිවර්තනයක්ද මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවනවා…

I cried for both of them
for you
and for me
blows
to the stars my tears
in your world
the freedom of light
in my
the pursuit of shadows
you and I will arrive in the end
at some where
the most beautiful poem in the world
is stopping
you begin
at some where
to complain about the murmur of life
but I will finish
and
i will be that dying star
in your sky
like smoke
trans:Veronica Jimenez.

Previous articleහැමෝගේම අවධානය ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය දෙසට යොමු වෙද්දී ඉන්දියාවේ ඔහු යන්න හදන ඓතිහාසික ගමන
Next articleඔබේ නිවසෙත් මේ ශාක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ඇයි කියලා හරියටම දැනගන්න මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights