මුළු මහත් ලෝකයේම අවධානය මැද පෙරදිග කලාපය දෙසට යොමුව ඇති මොහොතක, ඉරානයෙන් අතිශය කම්පිත පුවතක් වාර්තා වනවා.
ඒ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ දරුණු ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ඇය බරපතල තුවාල ලබා සිටි අතර, ඇය “ප්‍රාණපරිත්‍යාගීත්වයට” (Martyrdom) පත්ව ඇති බව ඉරාන රජයේ ප්‍රෙස් ටීවී (Press TV) නාලිකාව නිල වශයෙන් තහවුරු කළා.
ඉරානයට එල්ල වූ මේ දරුණු ප්‍රහාර මාලාවත් සමඟ කමේනි පවුලේම ඉරණම විසඳී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 28) එල්ල වූ ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඔහුගේ දියණිය, බෑණා සහ මුණුබුරා ද මින් පෙර ජීවිතක්ෂයට පත්වුණා.
මේ පුවතත් සමඟ මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය සහ දේශපාලනික ස්ථාවරත්වය තවදුරටත් උණුසුම් වනු ඇති බවට විදෙස් මාධ්‍ය අනාවැකි පවසනවා.
මූලාශය | NDTV / Wionews / Jerusalem Post












