Home සයුරෙන් එහා පුවත් අවුරුදු 10 දි පි ළි කා ව ක් නිසා රෝහල් ගත වුණ...

අවුරුදු 10 දි පි ළි කා ව ක් නිසා රෝහල් ගත වුණ ඇය අවුරුදු 29 දී අභ්‍යවකාශයට යයි..වේදනාව බලය කරගත් දිරිය දියණියගේ කතාව..

0
405

අවුරුදු10දී පිළිකාවක් නිසා රෝහල් ගතවුණ ඇය
අවුරුදු 29දී අභ්‍යවකාශයට යයි.. 🚀✨

ජීවිතය කියන්නේ පුදුමාකාර තැනක්. සමහර වෙලාවට ඒක අපිට දරාගන්න බැරි තරම් වේදනාවක් දෙනවා. තවත් වෙලාවක අපි හීනෙකින්වත් නොහිතපු තරම් උසකට අපිව ඔසවා තබනවා. අද මම ඔබට කියන්න යන්නේ, මරණය අභියස දණගහලා, අන්තිමේදී තරු අතර පාවෙන්න වාසනාව ලැබූ අසාමාන්‍ය ගැහැණු ළමයෙකුගේ කතාවක්.

ඇය නමින් හේලි ආර්සනෝ (Hayley Arceneaux).

💔මීට අවුරුදු ගණනකට කලින්, හරියටම කිව්වොත් හේලිට වයස අවුරුදු 10 දී, ඇගේ ලෝකය උඩුයටිකුරු වුණා. සාමාන්‍ය දරුවෙක් වගේ දුවලා පැනලා සෙල්ලම් කරපු මේ පුංචි කෙල්ලට වැලඳුනේ බියකරු අස්ථි පිළිකාවක් (Osteosarcoma). සෙල්ලම් පිට්ටනියේ ඉන්න ඕන වයසේදී හේලිට උරුම වුණේ රෝහල් ඇඳක්, සේලයින් බට සහ දරාගන්න බැරි කීමෝ තෙරපි වේදනාවන් විතරයි.

පිළිකාව ඇගේ වම් කකුල අඩපණ කරලා තිබුණා. වෛද්‍යවරුන්ට සිද්ධ වුණා ඇගේ දණහිස සහ කලව කොටසක් ඉවත් කරන්න. (මේ කොටස ඉවත් කරලා ලෝහමය කොටසක් සවි කරනවා)

🏥 හැබැයි හේලි කියන්නේ පරාජය පිළිගන්න කැමති වුණු කෙනෙක් නෙවෙයි. පිළිකාවෙන් සුවය ලැබුවට පස්සේ ඇය තීරණය කළා තමන්ට ජීවිතය දුන්නු ශාන්ත ජූඩ් (St. Jude Children’s Research Hospital) රෝහලටම නැවත යන්න. හැබැයි ලෙඩෙක් විදියට නෙවෙයි… වෛද්‍ය සහයිකාවක් විදියට

ඇය තමන්ගේ කෘතිම පාදයත් එක්ක රෝහල් කොරිඩෝ දිගේ ඇවිදගෙන ගියේ පිළිකාවෙන් පීඩා විඳින පුංචි දරුවන්ට බලාපොරොත්තුවක් වෙන්න. “බලන්න මං දිහා, මට පුළුවන් වුණා නම් ඔයාලටත් පුළුවන්” කියලා ඇය නිහඬවම ඒ දරුවන්ට ඉගැන්නුවා.

📞🚀2021 වසර හේලිගේ විතරක් නෙවෙයි, ලෝක ඉතිහාසයම වෙනස් කරපු අවුරුද්දක් වුණා. Elon Musk ගේ SpaceX ආයතනය තීරණය කළා ලෝකයේ පළමු වතාවට “සාමාන්‍ය සිවිල් වැසියන්” පිරිසක් අභ්‍යාවකාශයට යවන්න. මේ මෙහෙයුමේ නම Inspiration4.

මේ මෙහෙයුම සඳහා ශාන්ත ජූඩ් රෝහලෙන් එක් කෙනෙක් තෝරාගන්න තීරණය වුණා. ඒ වාසනාවන්තිය වුණේ හේලි ඇය තෝරාගන්න ප්‍රධානම හේතුව වුණේ ඇගේ අසීමිත ධෛර්යය. හැබැයි මෙතන ලොකු ගැටලුවක් තිබුණා. අභ්‍යාවකාශයට යන අයට තිබිය යුතු සුදුසුකම් අතර “පරිපූර්ණ ශාරීරික සෞඛ්‍යයක්” තිබීම අනිවාර්යයයි.

නමුත් SpaceX ආයතනය ඇයව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කිව්වේ, “හේලිගේ කතාව මුළු ලෝකයටම ආදර්ශයක්” කියලා. ඒ අනුව, අභ්‍යාවකාශයට ගිය පළමු කෘතිම අවයවයක් සහිත පුද්ගලයා ලෙස හේලි ඉතිහාසගත වුණා.

🌌2021 සැප්තැම්බර් මාසයේදී ලෝකයම බලාගෙන ඉද්දි හේලි ඇතුළු කණ්ඩායම පෘථිවියෙන් පිටත් වුණා. දවසක් රෝහල් ඇඳක වැතිරිලා තමන්ගේ කකුල අහිමි වීමේ වේදනාවෙන් හිටපු ඒ කෙල්ල, අද පෘථිවිය දෙස බලමින් ශූන්‍ය ගුරුත්වාකර්ෂණය යටතේ අභ්‍යාවකාශයේ පාවෙනවා..

ඇය ඒ ගමන ගියේ තමන්ගේ පෞද්ගලික සතුටට විතරක් නෙවෙයි. මේ මෙහෙයුම හරහා ඇය ඩොලර් මිලියන 250 ක (රුපියල් බිලියන ගණනක) අරමුදලක් රැස් කළා. ඒ කා වෙනුවෙන්ද? තමන් වගේම පිළිකාවෙන් බැටකන, බෙහෙත් ගන්න සල්ලි නැති අසරණ දරුවන් වෙනුවෙන්.

💡 අද ඔබ යම් ප්‍රශ්නයක් නිසා හිතින් වැටිලා ඉන්නවා නම්, මේ කෘතිම පාදයක් සහිත අභ්‍යාවකාශගාමියා ගැන හිතන්න. ඇ

ඔබේ වේදනාව දවසක ඔබේ බලය බවට පත්වනු ඇත
හේලි ආර්සනෝ, ඔබ සැබෑ නිර්භීත දිරිය දියණියක් 💐💖

#HayleyArceneaux #Inspiration4 #SpaceX #CancerSurvivor #Hope #InspirationalStory #TrueHero #StJude #MotivationSinhala

Previous articleමියෝනාගේ රැප් එකට ගල් ගහන්න ප්‍රසිද්ධ ගායිකාවක් වන උපේකා නිර්මාණිත් පෙරමුණට එයි..
Next article‘මගේ ජීවිතේ නෙගටිව් මාර්කටින් කරන්න පුළුවන් ගොඩක් තැන් ආවා. නමුත් මට නෙගටිව් මාර්කටින් ඕනි නෑ කියන තැන තමයි මම ඉන්නෙ
error: Content is protected !!
Verified by MonsterInsights